පළාත තුල නිසි ගුරු තුලනයක් ඇති කිරීමේ මගින් අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනයක් ඇතිකළ හැකියි .
මාතලේ රත්තොට හින්දු මහ විද්‍යාලීය ශීෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයේදී මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි .
ඌන - අතිරික්ත ඇති නොවන පරිද්දෙන් ගුරු තුලනයක් ඇති කිරීම මගින් කාර්යක්ෂම අධ්‍යාපන පද්ධතියක් ස්ථාපිත කළ හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කළේය .නායකත්වය පිලිබදව පුර්ව අත්දැකීම් ලබා ගත හැකි හොදම නිජබිම වන්නේ පාසල බවත් යහපත් , ගුණ ගරුක පුරවැසියෙකු ලෙස සමාජයට පිවිසීමේ දී එහි අත්තිවාරම පාසල තුලින් ලබා දිය යුතු බවත් , එය උපරිම ලෙස ලබා ගන්න මෙන් දරුවන් ට ආරාධනා කරනු ලබන බව ත් මාතලේ රත්තොට හින්දු මහ විද්‍යාලීය ශීෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස (6) සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසිය..
රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති මෙම උත්සවයේ දී 2022 අධ්‍යයන වර්ෂය සදහා ශිෂ්‍ය නායක නායිකාවන් 62 දෙදෙනෙකු නිල ලාංඡන හිමි කර ගනු ලැබිය . එහිදී වැඩිදුරටත් දරුවන් ඇමතු පළාත් ආණ්ඩුකාරවරයා හෙට දවසේ හොද නායකයෙක් රටට බිහිකිරීම අද දවසේ පාසල් දරුවන්ගෙන් ආරම්භ කළ යුතු බවත් , රට දැය ට ආදරය කරන , සාරධර්ම වලින් පිරිපුන් ගුණගරුක ලෙන්ගතු දරුවෙකු බිහිකිරීම සදහා සෑම විටම පාසල් ප්‍රජාව උත්සහ කළයුතු බවත්, නොමිලේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ඇතුලු සේවාවන් රැසක් ලබා දෙන තම රටට හිතැති පුරවැසියන් ලෙස ඉටු කරනු ලබන යුතුකම් මොනවාද යන්න සියලු දෙනා සිතා බැලිය යුතු කාළය එළඹ ඇති බව ද එම මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය .
ශිෂ්‍ය නායක පදක්කම් පැළදවීමේ අවස්ථාවට මාතලේ මහ නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ්, රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යු. ජි .ටී.කුමාරසේන, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.සිවඥානම් ඇතුලු මහජන නියෝජිතයින්, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වී. ජයසූරිය, පාසලේ විදුහල්පති එම්.චන්ද්‍රාදේවී යන නිලධාරීන් ඇතුලු මහත්ම මහත්ම රැසක් සහ පාසලේ දරු දැරියන් හා දෙමව්පියන් ඇතුළු සුබපතනන් පිරිසක් ද එක් ව සිටියේය.