Kandy Wins Central Province Table Tennis Championship

මධ්‍යම පළාත් ටේබල් ටෙනිස් ශුරතා මහනුවරට!

මධ්‍යම පළාත් ටේබල් ටෙනිස් තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවති මෙම තරගාවලියේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති අතර , මෙම තරගාවලියෙදී මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කේවල හා යුගල අංශයන් ලෙස තරග වැදුනි.

තරගාවලියේ සමස්ත පිරිමි අංශයේ ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. එහි අනුශුරතාවය නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායමට විසින් දිනා ගන්නා ලදී. මෙම තරගාවලියේ කාන්තා අංශයේ ශුරතාවය දිනාගන්නා ලද්දේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම විසිනි. එහි අනුශුරතාවය නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම තරගාවලියේ සම්බන්ධිකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි පි.කේ.අලුවිහාරේ කටයුතු කරන ලදී.

 

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook