මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති  (KMTT) ප්‍රගතිය නිරීක්ෂණයට

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති (KMTT) ප්‍රගතිය නිරීක්ෂණයට

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති (KMTT) ප්‍රගතිය නිරීක්ෂණයට මහනුවර බහුවිද ප්‍රවාහන පර්යන්තයේ (KMTT) වත්මන් ප්‍රගතිය පිළිබද සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) සිදු කෙරිණිමෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර ලෝක බැංකු ණය ආධාර යටතේ ඩොලර් මිලියන 69.6 ක මුදල් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර වයාපෘතිය වසර තුනක ඇතුළත නිම කිරීමට නියමිතව ඇත.මහනුවර නගරය තුළ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම අරමුණින් නවීන තාක්ෂණය යොදා ගනිමින්, ශ්‍රී ලංකාවේ ඉදිවෙන දැවැන්තම බහුවිද ප්‍රවාහන පර්යන්තයේ ක්‍රියාකාරිත්වය හා සැලසුම් පිළිබඳවත්, එහි වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලීම, ඉදිකිරීම් කරගෙන යාමේදී පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් හා ක්ෂේත්‍ර චාරිකාව සිදුවිය.මෙම බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ වර්තමාන ඉදිකිරීම් අනුව සියයට තිස් පහක ප්‍රගතියක් පවතින බව මෙම නිරීක්ෂණයේදී අනාවරණය විය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර බහුවිද පර්යන්තයේ ව්‍යාපෘතියේ ව්‍යපෘති අධ්‍යක්ෂ මංජුල රත්නායක යන මහත්වරුන් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්, බහුවිද පර්යන්තයේ ව්‍යාපෘතියේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook