මහනුවර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් සැපයෙන මහජන සේවා සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ ප්‍රශ්නකාරී වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම පිණිස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අද දින (25)එහි පැමිණියේ ය.
එහිදී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් සමඟ කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ මහතා කියා සිටියේ උක්ත වාර්තා සාවද්‍ය බව තමාට වැටහෙන බව යි. මහජන සේවා සැපයීමේ දී ප්‍රධානීන් හා කාර්ය මණ්ඩලය දක්වන ක්‍රියාශීලී බව පිළිබඳ ව ඔහු සිය සතුට පළ කළේ ය.
සියළු ලේඛණ පරික්ෂාව මගින් ද සේවා ඉටු කිරීමේ කාර්යක්‍ෂමතාවය හොදින් තේරුම් ගත කහි බැවින් මාධ්‍ය ඔස්සේ රාජ්‍ය ආයතන පිළිබඳ වාර්තා පල කිරීමේ දී මාධ්‍ය වෙත ලැබෙන ජනතා පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරින් ගෙන් ද කරුණු විමසා ඉතා නිවැරදි තොරතුරු හෙළිකිරීමේ වගකීමක් ඇතිබව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා යථා තත්ත්වය හඳුනා ගැනීම අතිශය වැදගත් වන බවත්, නිලධාරීන් දුර්මුඛ නො කිරීමට එවැනි පිළිවෙත් වැදගත් වන බවත් වැඩි දුරටත් කියා සිටියේ ය. සේවා ලබා ගැනීම සදහා පැමිණ සිටි පිරිස ගෙන් ද සිය සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසු අතර ඔහුන් සියලු දෙනා මෙම ආයතනයෙන් ලබා දෙන සේවාව පිළිබද ව සෑහීමකට පත්වන බව ද ප්‍රකාශ කෙරෙණි.