ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛාලේඩ් නාසර් ඇලමේරි මහතා ( KHALED NASSER ALAMERI) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (14) සිදු විය.
මෙහිදී දෙරටට පිළිබද වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා අතර කරුණු සාකච්ඡා වු අතර, පළාතේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව , සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම දේශීය නිෂ්පාදන සදහා අලෙවි අවස්ථා වැඩි දියුණු කිරීම සහ මානව සම්පත සංවර්ධනය කිරීමට සහාය ලබා ගැනීම ඇතුළු කරුණු රාශියක් පිළිබද අදහස් හුවමාරු කර ගැනින.
දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් සමරු ඵලක පිළිගැන්වීමක් ද දෙපාර්ශවයෙන් ම සිදු විය.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ සහකාර ආණ්ඩුකාර ලේකම් (වැ.බ) මිහිරාන් බණ්ඩාර, පළාත් සංචාරක අධ්‍යක්ෂ අනුරි තිලකරත්න යන මහත්ම ,මහත්මීන් ද මෙම අවස්ථාවට එක් විය.