47 වන ජාතික මහා ක්රීඩා උළෙලට සමගාමිව පවත්වන ලද මධ්යම පළාත් වෙරළ කබඩි තරගාවලියේ පිරිමි ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්රික් කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරතාව මාතලේ දිස්ත්රික් කණ්ඩායම හිමිකර ගන්නා ලදී.
මධ්යම පළාත් ක්රීඩා අධ්යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය ඉකුත්දා මාතලේ අලුවිහාරේ පාසල් ක්රීඩාංගනයේදී පැවැත් වින.
මෙම තරගාවලියේ කාන්තා ශූරතාවය හිමිකර ගැනීමට නුවරඑළිය දිස්ත්රික් කණ්ඩායම සමත් වූ අතර එහි අනුශුරතාවය මහනුවර දිස්ත්රික් කණ්ඩායම සතු විය.