හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට් සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ.

හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට් සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ.

හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට් සිව්  මහල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ.


පක්ෂ පාට භේද පසෙකලා අතීතය ගැන කතා කරනවට වඩා අද රට තුළ උද්ගතව ඇති ප්‍රමුඛ ගැටළු හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමට සහාය ලබා දීම සැමගේ වගකීමක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා පවසයි.
ඒ මහතා එලෙස පැවසූයේ හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට්සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සව අවස්ථා වට එක් වෙමිනි.
දේශීය විදේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පන්විල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, හුළු ගඟ ප්‍රදේශය පදනම කරගනිමින් නවීකරණය කරන ලද හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට්  සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සවය  (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ වතු සමාගම් ප්‍රතිසංස්කරණ තේ පොල් රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ පොල් රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් හුළු ගඟ ප්‍රදේශයේ දී සිදු කරන ලදී.
පන්විල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් දේශීය විදේශීය සංචාරකයින් මෙම ප්‍රදේශයට ගෙන්වා ගැනීමත් , ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා සැපයීමටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ය. එසේම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කොට ඇත.
රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමේ මූලික ප්‍රභවයන් හා සම්පත් මධ්‍යම පළාත සතුව පවතින බවත්, ස්වාභාවික සම්පත් නිසිලෙස කළමනාකරණය කිරීම තුළින් අපනයන ආදායම වර්ධනය කිරීමට මෙන්ම විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා කටයුතු යෙදීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා රජය මේ වනවිට නව සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කරනු ලබන බවද මෙහිදී ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාව සඳහා ආණ්ඩුකාරවර මහජන සම්බන්ධතා නිලධාරී එස්.බී රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් බෙලිගොල්ල, පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ .ජී. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පන්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්,පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ,වත්තේගම නගර සභාවේ සභාපති, පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) නිලූකා බුලත්ගේ , ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, පන්විල ප්‍රාදේශීය ලේකම් නිරංජන් සේනාධීර හා වතු අධිකාරිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook