“Visit Our Mosque” වැඩසටහනේ 54 වැන්න අද (31) දින මහනුවර මීරාමක්කම් පල්ලියේදී

“Visit Our Mosque” වැඩසටහනේ 54 වැන්න අද (31) දින මහනුවර මීරාමක්කම් පල්ලියේදී

සංවෘත මුස්ලිම් සමාජය කෙරෙහි ලාංකේය ජනතාව තුල පවතින අනවබෝධය අවම කරමින් මුස්ලිම් ආගමික විධි හා සංස්කෘතිකමය ගැඹුර පිළිබදව දැනුවත්භාවය ලබාදීමතුලින් අන්නෝන්‍ය සහජීවනය වර්ධන කරවීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “Visit Our Mosque” වැඩසටහනේ 54 වැන්න අද (31) දින මහනුවර මීරාමක්කම් පල්ලියේදී ක්‍රියාත්මක කෙරිණ.

දිනපතා මුස්ලිම් පල්ලිවලින් කෙරෙන කැදවීමේ යාඥාවේ අරුතේ සිට මුස්ලිම් භක්තිකයකුගේ මෘත සිරුරක් මිහිදන් කිරීමේ චාරිත්‍ර දක්වා සියලු අවස්ථා වන් පිළිබද පාසල් සිසුන් ,විවිධ සමාජ සංවිධාන ,ආගමික සංවිධාන නියෝජිතයන් ඇතුළු ආරාධිත පිරිසක් දැනුවත් කිරීම තුලින් මුස්ලිම් ජනතාව පිළිබදව පවතින සමාජ දුරස්ථභාවය අවම කිරීමට හැකිවන බව CIS සංවිධානයේ විශ්වාසයයි.

මහනුවර නියෝජ්‍ය පුරපති සහ මිරා මක්කම් පල්ලියේ සභාපති ඉලාහි අබ්දින් මහතා ඇතුළු පල්ලියේ මවුලවිවරුන්ගේ ආරාධනයෙන් , මෙහි සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
මහා සංඝරත්නය ,හින්දු සහ කිතුනු ආගමික නායකයන් ,විවිධ සංවිධාන නියෝජිතයන්, විදුහල්පතිවරුන් ,ගුරු මහතාම මහත්මීන් සහ පාසල් කිහිපයක සිසුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook