ඵලදායි හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමේ පරමාර්ථය පෙරදැරිව,අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලබන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් පාසල් වල 2023 වර්ෂට ආදාල මාධ්‍ය සමාජ පිහිටුවීමේ වැඩසටහන යටතේ පළමු වැඩසටහන හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ දෙණිකේ ද්විතීක පාසලේදී අද දින (16) පැවැත්විණ. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ, මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙහි සම්පත් දායකත්වය දැක්වූ අතර ජනමාධ්‍යයේ යහපත් සහ අයහපත් බලපෑම මෙන්ම පාසල් මාධ්‍ය ඒකකයක් පිහිටුවීම හා එහි වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහි දී දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට දෙණිකේ ද්විතීයික පාසලේ විදුහල්පති, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර ගුරුවරුන්, පාසලේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
'පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක්
මතු පරපුරට උරුම කරන්නේ නැහැ
සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා'.
ජනපති මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වන සංවත්සර
උත්සවයේ දී කියයි.
මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී (13) පැවැත්විය.අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතාගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේ, පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත්, ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ය.
අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව ද ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන්ගේ ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍ය හා නර්තනාභිශේක මංගල්‍ය 07 දින විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම නර්තනාභිශේක මංගල්‍යය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර උඩරට නර්තනය හා හෙළයේ සංස්කෘතිකාංග දැයට දායාද කිරීම හා මතු පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීම අරමුණුව දකුණු ආසියාවේ පවතින එකම සෞන්දර්ය විද්‍යාලය වන රිසිකලා විදුහල මගින් මෙම ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍ය සංවිධානය කොට පැවතුණි.
විදුහල්පති පී.සත්‍යසිවන් මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍යයේ දී පාසලේ සිසුවිය 20 දෙනෙකු මිට සහභාගී වූ අතර මෙම අවස්ථාව සදහා සහකාර අධ්‍යපාන අධ්‍යක්ෂ (නර්තන) ශාන්ත තෙන්නකෝන් , හිටපු විදුහල්පති නිලේන්ද්‍රා ඒකනායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්විය.
මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුහුල්වල මහත්මියගේ උපදෙස් මත, මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවී හිදාගොඩ මහත්මියගේ මඟපෙන්වීම මත, පළාත් සංස්කෘතික නිලධාරින් විසින් සංවිධානය කළ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු පොසොන් බැති ගී සරණිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සංගීතය සපයන ලද මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සංගීත කණ්ඩායමේ සිසු දරුවන් ට උපහාර දැක්වීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී .
මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, ප්‍රාදේශීය ලේකම් මාධවී හිදාගොඩ ,සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. එම් .එන් නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
සිරි සීවලිය සහ ඕවිලි කන්ද ගැටේ.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සවිබලයෙන් සිදුවන මාතලේ සිරි සීවලී කනිෂ්ඨ හොකි සංචිතය සහ ඕවිලිකන්ද ද්විතික හොකි සංචිතය අතර සුහද පුහුණු තරගයක් පසුගිය දා ක්‍රියාත්මක විය.
පුහුණු තරඟාවලියක් වුවද මෙම ක්‍රීඩිකාවන් ඉහළ ක්‍රීඩා දක්ෂතා විලාශයක් පෙන්නුම් කරමින් ප්‍රශස්ත මට්ටමකට ලගා වී ඇති බව තරඟාවලිය පුරාම දැකගත හැකිවිය.
මෙහිදී විශේෂයෙන් සංවිධාන කටයුතු වලදී පාසල් ද්විත්වයෙහි විදුහල්පතිවරුන්ට ස්තුතිය හිමිවන අතර අනාගතයේදී ශ්‍රී ලංකා ජාතික හොකි සංචිතය නියෝජනයට තවදුරටත් මධ්‍යම පළාතෙන් වැඩි දායකත්වයක් සිදුවනු ඇතැයි අපගේ අභිප්‍රායයි.