මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර දී

මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී "කඳුකර ප්‍රදේශයන්හි මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" පසුගියදා (21) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිව්ල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ මග පෙන්වීම යටතේ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. මෙහිදි රිය අනතුරු වැලැක්වීම සදහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රාදේශීය වැඩපිළිවෙළ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් සහ මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික අංශයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook