පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

'ශිල්පාභිශේක 2026''

'ශිල්පාභිශේක 2026''

'ශිල්පාභිශේක 2026''

''මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගයීමට ''.

මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගයීමේ 'ශිල්පාභිෂේක- 2026' සම්මාන උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (24) මහනුවර කරළිය ශාලාවේදී පැවැත්විණ.

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම ශිල්පාභිෂේක සම්මාන උළෙලේදී තරග අංශ 68 යටතේ ප්‍රදර්ශනයට හා තරගාවලියට ඉදිරිපත් වු හස්ත නිර්මාණ අතරින් කුසලතා දැක්වූ නිර්මාණකරුවන් මෙසේ ඇගැයීමට ලක් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයකින් මෙම නිර්මාණ විනිශ්චය කොට තිබිණ.

සමස්ත ක්ෂේත්‍ර ජයග්‍රහණය තෙවන ස්ථානය, ආර්.එම්.ජී.ගුණතිලක මහතා කැටයම් මුහුණු අංශය වෙනුවෙන්ද, සමස්ත ක්ෂේත්‍ර ජයග්‍රහණය දෙවැනි ස්ථානය පිත්තල නිර්මාණ වෙනුවෙන් ඒ පී එස් ප්‍රේමරත්න මහතාත්, සමස්ත ක්ෂේත්‍ර ජයග්‍රහණය, ප්‍රථම ස්ථානය සේසත් නිර්මාණය වෙනුවෙන් ගාමිණී විජේසූරිය මහතාත් දිනාගන්නා ලදී.මෙහිදි චක්‍රවර්ති දීර්ඝකාලීන උපහාරය ලක්ෂා නිර්මාණ වෙනුවෙන් බඩල්ගෙදර ගුණතුංග මහතා විසින් හිමිකරගන්නා ලදී.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ මාර්ගගත නිෂ්පාදන අලෙවි ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් අතර ඔවුන්ගේ සමාජ සුරක්ෂිතභාවය ඇති කිරීමට ඉදිරියේදී කටයුතු සැලසුම් කරන බවත්, තරුණ ආකර්ෂණය ඇති කිරීමට අවශ්‍ය අවධානය ද යොමු කළ යුතු බවත් සදහන් කර සිටියේය.ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය ඇතිකිරීම තුළින් තරුණ ප්‍රජාව ඉදිරියේදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන බවත් ආනගත පරපුරට හස්ත කර්මාන්ත දැනුම හා පුහුණුව ලබාදීමට මැදිහත්වන ලෙස හස්ත කර්මාන්ත ශිල්පීන්ගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සේවත්ත මහතා, රාජ්‍ය නිලධාරීන්, හස්ත කර්මාන්ත ශිල්පීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook