පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

පළාත් පාලන ආයතන කටයුතු නියාමනයට මෙහෙයුම් මැදිරියක්.

පළාත් පාලන ආයතන කටයුතු නියාමනයට මෙහෙයුම් මැදිරියක්. මාර්තු 19 දින මධ්‍යම රාත්‍රියේ සිට කොමසාරිස් සහ ලේකම් වරුන්ගේ පාලනයට පත් කල මධ්‍යම පළාතේ සියලු පළාත් පාලන ආයතන වල කටයුතු පළාත් ආණ්ඩුකාරවර නිතී ඥ ලලිත් යු ගමගේ මහතාගේ නියමයකට අනුව පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ මුලිකත්වයෙන් යුතුව මෙහෙයුම් මැදිරියක් හරහා නියාමනය කිරීමට තීරණය කෙරේ. මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ව්‍යුහය මහා නගර සභා 04 ක් , නගර සභා 06 ක් සහ ප්‍රාදේශීය සභා 37 කින් සමන්විත වේ. මහජන නියෝජිතයන් ගෙන් සමන්විත කමිටු ක්‍රියාත්මක නොවන අවස්ථාවක ව්‍යවස්ථා නියෝගයන් ප්‍රකාර ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේ පුර්ණ බලධාරිත්වය නාගරික කොමසාරිස් වරුන්ට සහ ලේකම් වරුන් ට පැවරේ. මිට ඉහත දී පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් ගෙන් තොරව පවත්වා ගෙන යනු ලැබූ අවස්ථාවන් හි මහජනතාව ගෙන් ලද තොරතුරු පදනම් ව , ඒ ඒ පළාත් පාලන ආයතනයෙන් ජනතා ඉටු නොවන ජනතා ගැටළු ඍජුවම ඉදිරිපත් කිරීම සදහා පැය 24 පුරාම ක්‍රියාත්මක 070 470 2500 වට්ස් ඇප් දුරකථන අංකය හදුන්වා දෙනු ලැබිය . මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ ස්ථාපිත දුරස්ථ මෙහෙයුම් මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ව මෙම ක්‍රියාවලිය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වේ. මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පළාත් ආණ්ඩුකාරවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ආණ්ඩුකාරවර ගමගේ මහතා අවධාරණය කරනු ලැබුවේ ජනතාවට වඩාත් සංවේදීව පවතින නීතිරීති වලට අනුකුලව පළාත් පාලන ආයතන සතු දේපල අවභාවිතයෙන් තොරව පවතින රෙගුලාසි පිළිබද ඉතා පුළුල් අවබෝධයකින් දැනුවත් භාවයකින් නිසි කලට වෙලාවට අදාළ සේවා ලබා දීමේ අවශ්‍යතාවයි. සභා විසුරුවා හැරීමට පුර්වයෙන් සම්මත කරනු ලැබූ සභා අය වැය ප්‍රකාශයට අනුකුලව සහ 2023. 03 .19 දිනට පෙර ගිවිසුම් ගත සංවර්ධන කටයුතු සදහා පමණක් වියදම් කිරීමේ සීමාවන්ට යටත් ව නිසි කළමනාකරණයකින් යුතුව ඉතා වගකීමකින් සහ වගවිමකින් යුතුව මැතිවරණයක් පවත්වා නව සභාපතිවරයෙක් සහ මන්ත්‍රී මණ්ඩලයක් තෝරා පත් කරගන්නා තෙක් කිසිදු නිලධාරියෙක් සමබන්ධයෙන් චෝදනා තමා වෙත නොලැබිය යුතු බව පෙන්වා දුන් ගමගේ ආණ්ඩුකාරවරයා සාර්ථක ජනතා මෙහෙවරකට සියලු දෙනා ට සුබ පැතුම් ද එක් කරනු ලැබිය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, ප්‍රධාන සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්ම මහත්මින් , දිස්ත්‍රික් සහකාර කොමසාරිස් වරුන් සහ නාගරික කොමසාරිස්වරුන් , සභා ලේකම්වරුන් එක්විය .

ලක්කම්බ්‍රෙල්ලා.

ලක්කම්බ්‍රෙල්ලා ලක්ෂා කර්මාන්ත මැදරට කලාපයේ සුවිශේෂි ස්ථානයක් හිමිවන හස්ත කර්මාන්තයකි. එම කර්මාන්තයේ නිරතවන පාරම්පරික ශිල්පින්ද සීමිත පිරිසකි. මාතලේ දිස්ත්‍රික්කයේ ලෑලි අඹේ, හපුවිද පාරම්පරික ශිල්පීන්ද සම්බන්ධ කරගනිමින් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තුමේන්තුව විසින් නිර්මාණාත්මක දේ ජනතාව අතරට පත්කිරීමට ඇති අවස්ථාව සහ ඒ තුළ ජනතාව අතර නිතර භාවිතවන දෙයක් වෙනුවෙන් එකී අගය එකතු කළ නිර්මාණයක් හඳුන්වාදීම සඳහා “ලක්කම්බ්‍රෙල්ලා” නමින් ලාක්ෂා මිට සහිත කුඩයක් නිර්මාණය කොට තිබේ. මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ එම්. බි. යූ. එස්. කොන්සිවත්ත මහතාගේ උපදෙස් හා මගපෙන්වීමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහතා , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (විශ්‍රාමික) නන්දලාල් උඩපෝරව මහතාත්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර සම්පාදක ජීවන්ත මාලගේ මහතාගේත් සහයෝගය මේ සඳහා හිමිවිය. මාතලේ දිස්ත්‍රික්කයේ ලෑලි අඹේ , හපුවිද ගම්මානයෙන් ශිල්පින් 40 දෙනෙකු තෝරා ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම තුලින් ලක්කම්බ්‍රෙල්ලා නමින් ලාක්ෂා මිට සහිත කුඩයක් නිර්මාණය කිරීම මධ්‍යම පළාත ලද ජයග්‍රහණයකි. ඔබටත් මෙම ලක්ෂා මිට සහිත කුඩය කැන්ඩි සිටි සෙන්ටර්හි දෙවන මහලේ ස්ථාපිත කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ ප්‍රදර්ශනාගාරයෙන් මිලදීගත හැක.

මධ්‍යම පළාත් සභාව සහ රාජ්‍ය ආයතන භුක්ති විදින සියලු ඉඩම් නිත්‍යානුකුලව පවරා දීමේ එකගතාවයකට.

මධ්‍යම පළාත් සභාව සහ රාජ්‍ය ආයතන භුක්ති විදින සියලු ඉඩම් නිත්‍යානුකුලව පවරා දීමේ එකගතාවයකට. වසර ගණනාවක සිට මධ්‍යම පළාත් සභාව විසින් භුක්ති විදිනු ලබන ඉඩම් නියමානුකුල නොවීම හේතුවෙන් ගැටළු රාශියක් නිර්මාණය වී ඇත. අදාල ගැටළු නියමානුකුල කිරීම සදහා අවස්ථා ගණනාවක දී උත්සාහයන් ගනු ලැබුව ද ඒවා සාර්ථක නොවු හෙයින් ඒවා ඒ ආකාරයෙන් ම පැවතුණි. මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් ඒකරාශී කොට සම්මුඛ ව සාකච්ඡා කොට අවශ්‍යතාවයන් හදුනා ගෙන නැවත ප්‍රමාදයෙන් තොරව දැන ට මධ්‍යම පළාත් සභාව සහ රාජ්‍ය ආයතන භුක්ති විදින සියලු ඉඩම් නිත්‍යානුකුලව පවරා දීමේ එකගතාවයකට එළඹීමට හැකි විය . මධ්‍යම පළාත් සභාවට අතිශය වාසිදායක වූ මෙම එකඟතාවට පළාත් සභා ප්‍රධානීන් හා ජාතික නිවස සංවර්ධන අධිකාරිය එළැඹුණේ සති අන්තයේ පෙරවරුවේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී ය. මෙතෙක් නිරවුල් නොවූ රාජ්‍ය ගොඩනැගිලි පිහිටි ඉඩම් අතර පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණය හා යෝජිත ගබඩා භූමිය, පළාත් සභා පිරිස් පුහුණු ඒකකය,පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය , ආයුර්වේද මධ්‍යස්ථානය, වානි දෙමළ විද්‍යාලය, ප්‍රාදේශීය සභා පුස්තකාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය, ජනසවිගම සායන මධ්‍යස්ථානය, ආයුර්වේද ඔසු උයන, පටක රෝපණාගාරය හා පර්යේෂණ ඒකකය, කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිල නිවස, පේෂකර්ම මධ්‍යස්ථානය, පළාත් සමුපකාර පුහුණු මධ්‍යස්ථානය හා නිවාඩු නිකේතනය, මැණික්හින්න සමුපකාර ප්‍රාදේශිකය, බැඳි නිවාස, විධායක ඉංජිනේරු කාර්යාලය හා නිල නිවාස පිහිටි ඉඩම් යන විශාල ඉඩම් ප්‍රමාණයක් අයත් වේ. එකගතාවයන් මත පළමු ව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් භාරයට පත් කොට අනතුරුව විධිමත් පරිදි ඒ ඒ ආයතන වෙත පවරා දීමට කටයුතු කෙරේ. මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා කියා සිටියේ නාගරික සංවර්ධන හා නිවස කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අනු දැනුම මත තමා මේ සාකච්ඡාව සඳහා අනුමැතිය ලබා දුන් බවත්, දීර්ඝ කාලයක් තිස්සේ නො විසඳී පැවැති ඉඩම් ගැටලුවකට යහපත් විසඳුමක් ලබා දීමට හැකි වීම ඉතා වැදගත් බවත් පෙන්වා දෙනු ලැබිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ප්‍රථම අදාළ ප්‍රමුඛ නිලධාරීන් සමඟ යළි සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය . මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම ඉඩම් නිරවුල් කිරීමේ කාර්යය හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා අවධාරණය කළේ මධ්‍යම පළාත් සභාවේ අනාගත ක්‍රියාකාරිත්වය මෙම නියමානුකුල කරණය හේතුකොට වඩා විධිමත් වනු ඇති බවත් . ජාතික නිවස සංවර්ධන අධිකාරිය සමඟ මෙම ඉඩම් ගැටලු නිරාකරනය කර ගැනීම සහ මධ්‍යම පළාත් සභාවේ අනාගත අවශ්‍යතා සදහා ඉඩම් කොටසක් ලබා ගැනීම පිලිබදව ද රාජ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමු කල අතර ඒ සදහා ද ධානාත්මක ප්‍රතිචාරයක් ලැබුණි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි , මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග , කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් එස්. ඩී. නාගහතැන්න යන මහත්ම මහත්මින් ද මෙහි දී අදහස් දැක්වූ අතර රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ජී.කේ.එස්.එච් රාජනායක මහතා විසින් ඉටු කල සම්බ්න්ධිකරණ කාර්යය ද ඇගයීමට පාත්‍ර විය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

දැනුවත්ව දිනවමු දරුවන්’ නගරයෙන් බැහැරට.

දැනුවත්ව දිනවමු දරුවන්’ නගරයෙන් බැහැරට. පාසල් සිසු ප්‍රජාවගේ අධ්‍යාපනික, සමාජයීය හා සංස්කෘතික පෝෂණය සඳහා ගත යුතු අභිනව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙමාපියන් දැනුම්වත් කරන ‘දැනුවත්ව දිනවමු දරුවන්’ සංවාදාත්මක වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක් පසුගිය දා මහනුවර අධ්‍යාපන කලාපයට අයත් මාරස්සන ප්‍රාථමික විදුහල කේන්ද්‍ර කොට ගෙන පැවැත්විණි. මාරස්සන ප්‍රාථමික විදුහල හමුවන්නේ මහනුවර සිට කි.මී.23ක් ගමන් කිරීමෙන් අනතුරුව ය. මේ මෙම වැඩසටහන් මාලාවේ එකොලොස්වන වැඩසටහන යි. ‘දැනුවත්ව දිනවමු දරුවන්’ වැඩසටහන් මාලාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සංකල්පයක් යථාවත් වීමකි. පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ කාර්යය සම්බන්ධීකරණය කරයි. වැඩසටහහන් ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා යි. පාසලේ පසුබිම හා ස්වභාවය පිළිබඳ විවරණයක නිරත වෙමින් සිසුන්ගේ හා දෙමාපියන්ගේ ආකල්ප හඳුනා ගැනීමත්, උක්ත අරමුණු ඉටු කර ගනු වස් අවශ්‍ය පරිවර්තන හඳුන්වා දීමත් මෙහිදී සිදු කෙරිණි. මේ ඔස්සේ සිසුනගේ අධ්‍යාපනික ප්‍රගතිය සේම ක්‍රීඩා හා සෞන්දර්ය කුසලතා ඔප් නැංවීමට අවශ්‍ය සාධක නිර්මාණය කර ගත හැකි වනු ඇත. විදුහල්පති ගාමිණී විතාරණ මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කළහ.

නුවරඑළිය යකඩ අශ්වයා එළිදැක්වීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නුවරඑළිය යකඩ අශ්වයා එළිදැක්වීම දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. අශ්වයන් හා බැඳී නුවරඑළියේ සංචාරක ආකර්ෂණය වර්ධනය කරනු වස් නුවරඑළිය කාර්මික විද්‍යාලය මගින් විද්‍යාලය ඉදිරිපිට නිර්මාණය කළ යකඩ අශ්ව අනුරුව එළිදැක්වීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ සහකාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි. ජගත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය (16) දා සිදුවිය. නුවරඑළිය කාර්මික විද්‍යාලයේ විදුහල්පති අරුණ ගුණසේකර මහතාගේ සංකල්පයක් මත එච්.එම්.පි.හේරත්, ඩබ්ලිව්. එස්. දේශප්‍රිය යන මහත්වරුන්ගේ නිර්මාණ දායකත්වයෙන් විද්‍යාලයේ අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ දායකත්වයෙන් මෙම නිර්මාණය සිදුකර ඇත.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook