පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

මැදරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට ඩිජිටල් තාක්ෂණ සහය ඩිජිටල් සංචාරක වේදිකාව විවෘත කෙරේ.

මැදරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට ඩිජිටල් තාක්ෂණ සහය ඩිජිටල් සංචාරක වේදිකාව විවෘත කෙරේ 

 

ජාතික ආර්ථික හා සමාජයීය උන්නතිය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම  ඉදිරි වර්ෂය වෙනුවෙන් වූ අය - වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්  බව සිහිපත් කළ  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මෙය යුගයේ අවශ්‍යතාවක් මෙන්ම මධ්‍යම පළාතේ අවශ්‍යතාවක්ද වන බව කියා සිටියේ ය. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට ඉහළ ම දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම කෙරෙහිද  ආණ්ඩුකාර ගමගේ මහතා සිය අවධානය යොමු කළේ ය. ගෙවුණු දෙවසර තුළ කොවිඩ් වෛරස බලපෑම හා වෙනත්  හේතු මත මධ්‍යම පළාත  ඇතුළු සමස්ත දිවයිනේ ම සංචාරක ව්‍යාපාරය  අර්බුදයට ගිය වග සඳහන් කළ ඔහු එය ජය ගැනීමට ඩිජිටල් තාක්ෂණය මහෝපකාරී වන්නේ ය යන්න කියා සිටියේ ඉන්දුනීසියාව හා මාලදිවයින යන රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කරමිනි. 

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මෙම අදහස් පළ  කළේ  මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය හා මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ තාක්ෂණික සහය සහිත ව මධ්‍යම පළාතේ සංචාරක  ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන  ‘ඩිජිටල් සංචාරක වේදිකාව’  (DIGITAL TRAVEL PLATFORM  ) හඳුන්වාදීමේ හා ආරම්භ කිරීමේ අවස්ථාවට අද දින (16) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී  ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මේ යටතේ මධ්‍යම පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ නව පෙළගැස්මක් නිර්මාණය කෙරේ. සංචාරක ව්‍යාපාරයේ සියලු පාර්ශව මෙහිලා දායක කර ගැනීමට නියමිත ය. එසේම  ඔවුනගේ කාර්යයන් අතර ධනාත්මක සම්බන්ධීකරණයක් තහවුරු කිරීමටද පියවර ගැනේ. වැඩසටහන වෙබ් අඩවියකින් හා ජංගම යෙදවුමකින් සමන්විත ය. අතිරේක  හෝ අතරමැදි ගාස්තුවකින් තොරව අදාළ සියලු සේවා සැපයේ.

 

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , මධ්‍යම පළාත් කලාපීය ආර්ථික  සංවර්ධන ආයතනයේ සභාපති නීතීඥ ජානක සකලසූරිය , එහි අධ්‍යක්ෂ හා පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුද, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ද,මධ්‍යම පළාතේ සංචාරක ව්‍යාපාරයෙහි නිරත ව්‍යවසායකයන් ද, සංචාරක මඟ පෙන්වන්නන් හා සංචාරක මාර්ගෝපදේශකයන් ද, සංචාරකයන් වෙත ප්‍රවාහන පහසුකම් සපයන්නන් ද මේ අවස්ථාවට  සහභාගී වී සිටියහ.

 

මෙහිදී  අදහස් දක්වමින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා කියා සිටියේ මෙරට වාර්ෂික විදේශ විනිමය ඉපැයීමෙන් සැලකිය යුතු කොටසක් සපයන සංචාරක ව්‍යාපාරය අද දවසේ දී මුහුණ පා සිටින අභියෝග ජය ගැනීමට මෙම වැඩසටහන මනා ප්‍රවේශයක් වන බව යි.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හි නියෝජ්‍ය කළමණාකරු රසිත  අබේකෝන් හා එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී  දිනේෂ් පෙරේරා යන නිලධාරීහු වැඩසටහනේ ඵලදායිතාව හා වපසරිය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු  පැහැදිලි කළහ. වැඩසටහනේ තාක්ෂණ පාර්ශ්වය මෙහෙයවන ටීම් මේට් හි ප්‍රියංකර කෝරළගේ මහතා මෙහි ක්‍රියාකාරිත්වය  හා සංයුතිය පිළිබඳ සවිස්තරව කරුණු  දැක්වී ය.

 

ඉන් අනතුරුව පැමිණ සිටි මධ්‍යම පළාතේ සංචාරක  ව්‍යාපාරයෙහි නිරත පිරිස් වැඩසටහන යටතේ ලියාපදිංචි කිරීමට පියවර ගැනිණි.

බෝ නොවන රෝග ව්‍යාප්තිය මැඩලන්න පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් වැඩසටහනක්.

බෝ නොවන රෝග ව්‍යාප්තිය මැඩලන්න පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් වැඩසටහනක් 

බෝ වන රෝගවලට ගොදුරුවන පිරිස්  අභිබවා බෝ නොවන රෝගවලට ගොදුරු වන පිරිසේ සාපේක්ෂ වර්ධනයක් වත්මන් සමාජය තුළ නිරීක්ෂණය වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්  මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් උදෙසා  බෝ නොවන රෝග පිළිබඳ වෛද්‍ය සායනයක් හා බෝ නොවන රෝග පාලනය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මඟ පෙන්වීමෙන් පවත්වන ලදී. 

මෙම  වැඩසටහනේ පළමු අදියර යටතේ  2022.11.01 වන දින  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දායකත්වයෙන් රු. 900.00 ක් වැනි සුළු මුදලකට Lipid profile  හා Blood sugar යන රුධිර පරීක්ෂා සිදු කරගැනීමට අවස්ථාව සැලසුනී.

මෙහි දෙවන අදියර ලෙස 2022.11.08 දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ බෝ නොවන රෝග අංශයේ වෛද්‍ය එම්. එන්. එෆ්. අයීෂා මහත්මිය සහ වෛද්‍ය චතුර මාරසිංහ මහතාගේ දායකත්වයෙන් සයනයක් පැවැත්වී ය. මේ සඳහා   සහභාගී වූ නිලධාරී මහත්ම මහත්මීන් අතරින් , රෝගී තත්ත්වයන්  නීර්ණය වූවන් වෛද්‍ය උපදෙස් මත අදාළ සායන වෙත යොමු කිරීමට පියවර ගනු ලැබිණි. ඊට අමතරව බෝ නොවන රෝග පාලනය සම්බන්ධව විශේෂ දේශනයක්ද වෛද්‍ය නිලධාරී එම්. එස්. එෆ්. අයිෂා මහත්මිය විසින් පවත්වන  ලදී. 

මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ , පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ  හා පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  සහභාගී වූහ.

පළාත් පාලන ආයතනයන් හි සේවයේ නියුතු විෂය භාර නිළධාරින් සහ නවක ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පළාත් පාලන කොමසාරිස්  මේනක හේරත් මහතාගේ උපදෙස්  හා මඟ පෙන්වීම මත, පළාත් පාලන ආයතනවල වාර්ෂික සැලසුම් වලට අනුකූලව විධිමත් මුල්‍ය පාලනයක් ඇති කිරීම හා ඊට අදාල ලිපි ලේඛන පවත්වාගෙන යාම තුළින් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමයක් ඇති කර ආයතනයේ ඵලදායිතාවය වැඩි දියුණු කිරිමේ අරමුණ ඇතිව, පළාත් පාලන ආයතනයන් හි සේවයේ නියුතු විෂය භාර නිළධාරින් සහ නවක ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් එම මධ්‍යස්ථානයේ දි,  2022.11.15 දින පැවැත්විනි.

මෙහි සම්පත්දායකත්වය, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි  එම්.ජී.කේ.ආර්. බණ්ඩාර මහතා විසින් ලබාදුන් අතර පළාත් පාලන කොමසාරිස්වරයා වෙනුවෙන්  සහකාර පළාත් පාලන කොමසාරිස්   සුනිල් හේරත් මහතා සහභාගි විය.

බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය    නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්. 

බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය    නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්. 

වර්තමානයේ ලොව පවතින්නේ  ප්‍රබල බලශක්ති අර්බුදයකි.  ආර්ථික වශයෙන් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති වර්තමාන ශ්‍රී ලංකාවද  මේ  අර්බුදයට මුහුණ පා සිටී. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණක දේශයක්  නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත්  ආණ්ඩුකාර නීතීඥ  ලලිත් යූ. ගමගේ මහතාගේ  උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න  මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන  “ බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය” පිළිබඳ  රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක්  2022-11-04 දින හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී  පැවැත්විණි.  

හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩබ්.ජී .එම් කුමාර මහතාගේ සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ශාන්ත ගමගේ මහතාගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව

වර්තමානයේ ලොව පවතින්නේ ප්‍රබල බලශක්ති අර්බුදයකි. ආර්ථික වශයෙන් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවද මෙම අර්බුදයට මුහුණ පා සිටී. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණක දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන “ බලශක්ති කාර්යක්ෂමතාව සහ විකල්ප බලශක්ති භාවිතය” පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් 2022-11-11 දින පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා විරකෝන් මහත්මිය සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ශාන්ත ගමගේ මහතාගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook