පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

රජය විසින් හදුන්වාදී ඇති රාජ්‍ය නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය /විදේශීය වැටුප රහිත නිවාඩු

රජය විසින් හදුන්වාදී ඇති රාජ්‍ය නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය /විදේශීය වැටුප රහිත නිවාඩු ලබාදීම පිළිබඳව මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (16) මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත් වින.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව රාජ්‍ය ප්‍රතිපත්තින් පිළිබදව නිලධාරින් දැනුවත් කරමින් ඒ සදහා කඩිනමින් අවකාශය ලබාදීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.
මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු )ශාලිකා දීගල මහත්මිය විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාවට කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.

 

 

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ප්‍රවර්ධනය කිරීම...

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය වූ පුහුණු වැඩසටහනක් අද දින (14) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත් විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත මෙම භාෂා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර කාලින අවශ්‍යතා පදනම් කර ගනිමින් නිලධාරීන්ගේ දැනුම යාවත්කාලින කිරීමත්, එමගින් නව්‍යකරණය වූ ආයතන පද්ධතියක් ගොඩනැගීම මෙහි ප්‍රමුඛ අරමුණවේ.
මෙම වැඩසටහනේ සම්පත්දයකත්ව ඒ.ආර්.එම්.රාෆි මහතා(භාෂා පරිවර්තක - ප්‍රධාන ලේකම් කාර්යාලය) විසින් ලබාදෙන ලද අතර, මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත් විය.

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනයන්හි මුල්‍ය ප්‍රගතිය සමාලෝචන කිරීමේ විශේෂ රැස්වීම

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනයන්හි මුල්‍ය ප්‍රගතිය සමාලෝචන කිරීමේ විශේෂ රැස්වීමක් අද දින (26) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත් විය.

New Public Library for Harispattuwa Pradeshiya Sabha

හාරිස්පත්තුවට නව මහජන පුස්තකාලයක්

හාරිස්පත්තුව ප්රාදේශීය සභා බල ප්රදේශයේ යහලතැන්න හා යහලතැන්න බටහිර ප්රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි නව මහජන පුස්තකාලයක් යහලතැන්න විහාරස්ථානයට යාබද ව ඉදි කිරීමට හාරිස්පත්තුව ප්රාදේශීය සභාව පියවර ගනී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook