තරුණ බෞද්ධ සංගමයේ පනස් නවවන සංවත්සරය සැමරේ
මහනුවර, තරුණ බෞද්ධ සංගමයේ පනස් නවවන සංවත්සර උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගම් ප්‍රධාන ශාලාවේ දී (22) පැවැත්විණි.
මෙම සංවත්සර උළෙලේදී සංගමයේ " සංවත්සර සගරාව" එළි දැක්වීම හා වසර විස්සකට වැඩි කාලයක් සමිතියේ කාර්යයන් සඳහා දායකත්වය ලබා දුන් සාමාජිකයින් 08 දෙනෙක් සඳහා ගරු යාවජීව සාමාජිකත්වය ලබාදීමද සිදු කෙරිණි.මෙම වැඩසටහනට සමගාමීව එම සංගමය විසින් සංවිධානය කළ ක්‍රීඩා සංස්කෘතික, සාහිත්‍ය තරග ජයග්‍රහනය කළ සිසු දරුවන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර මහතා, මහනුවර මහ නගර සභාවේ, නාගරික කොමසාරි ඉන්දිකා කුමාරි අබේසිංහ මහක්මිය, මහනුවර තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන සභාපති ඉන්දික ප්‍රේමදාස, ප්‍රධාන ලේකම් මෛත්‍රී කවින්ද කන්කානන්ගේ, භාණ්ඩාගාරික ගමික ජයසිංහ යන මහත්වරු සමිති සාමාජිකයින් පාසල් සිසු දරුවන් පිරිසක් සහභාගීවූහ.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනක් පල්ලෙකැලේ දී.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මගින් සංවිධනය කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන අද (20) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙම සැමරුම් වැඩසටහනේදී මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 38 තුළ තම ස්වශක්තියෙන් යුතුව නැගී සිටින ලද දිරිය කාන්තා ව්‍යවසයිකාවන් 38 දෙනෙකු ඇගයීමට ලක් කරමින් සම්මාන හා සහතික පත්‍ර පිරිනැමිම සිදු කරන ලදී. එසේම මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක තුනෙන් සාර්ථකම ව්‍යවසයිකාවන් තිදෙනෙකුට රුපියල් විසිපන්දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇගලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් අනුෂි නිල්මිණි මහත්මිය, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් දිලානි පුෂ්පකුමාරි මහත්මිය හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සැලෝන් ගවේෂීහි අධිපතිනි අනෝමා මිගොල්ල මහත්මිය සාර්ථකම ව්‍යවසයිකාවන් වශයෙන් තේරී පත්විය. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය අභයකෝන් මහතා අවුරුද්දේ සෑම දිනයකම කාන්තාවන් කරන කැප කිරීම අගය කළ යුතු බවත්, වර්තමානය වනවිට වර්ධනයක් පෙන්නුම් කරන කාන්තා හිංසනය පිටු දැකීම වෙනුවෙන් ක්‍රියා කිරීම අපගේ වගකීමක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.කාන්තාව මුහුණ දෙනු ලබන වර්තමාන ආර්ථික අභියෝග ජය ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් දිනරා ක්ලෝදින් ආයතනයෙහි කළමනාකරු ආචාර්ය ධම්මික විජේකෝන් මහතා විසින් පැවැත්විය. මෙහිදී ව්‍යාපාර ප්‍රවර්ධනයට කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කිරීම හා ඒ සම්බන්ධයෙන් මඟපෙන්වීම සිදුවිය.එසේම තෝරාගත් අඩු ආදායම්ලාභී කාන්තාවන් 125ක් සඳහා පවුලේ පෝෂණ තත්වය හා ආදායම ඉහළ නැංවීමේ අරමුණින් කුකුළු පැටවුන් ලබාදීම සිදු කෙරිණි. තවද කාන්තා ව්‍යවසයිකාවන්ගේ නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා රෙදිපිළි, අත් බෑග්, පාවහන් හා ආහාරපාන යනාදියෙන් සමන්විත අලෙවි ප්‍රදර්ශනයක් ද පළාත් සභා පරිශ්‍රයේදී පැවත්විණ. මෙම වැඩසටහන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය, ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව,DMax ආයතනය ඇතුළු ආයතනවල අනුග්‍රාහකත්වයෙන් පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වී.එස්. සරන්‍යා මහත්මිය , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ පළාතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සාර්ථකම කාන්තා ව්‍යවසයිකාවන්, කාන්තා සමිති නායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් 300 ක් පමණ සහභාගි විය.
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරඟයේ වැඩි ජයග්‍රහණ මධ්‍යම පළාතට.
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජාතික රට හරහා දිවීමේ තරඟයේ වැඩි ජයග්‍රහණ හිමිකර ගැනීමට මධ්‍යම පළාත සමත් විය.පිරිමි තරගයේ ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම මධ්‍යම පළාත නියෝජනය කරමින් එම්.සිවරාජන් හිමිකර ගැනීමට සමත් වූයේ 34:20.31ධාවන කාලයක් වාර්තා කරමිනි. මෙම තරගාවලියේ කාන්තා අංශයේ ජයග්‍රහණ දෙකක් මධ්‍යම පළාත සතු කර ගැනීමට සමත් විය. ඒ අනුව මධ්‍යම පළාතේ වත්සලා හේරත් ක්‍රීඩිකාව දෙවන ස්ථානය සමගින් රිදී පදක්කම ද (40.04 ක ධාවන කාලය) චාමිනී හේරත් ක්‍රීඩිකාව 40.18 ක ධාවන කාලයක් සමගින් තෙවන ස්ථානය සමගින් ලෝකඩ පදක්කම ද හිමි කර ගැනීමට සමත් විය. තරගාවලියේ පිරිමි හා කාන්තා කණ්ඩායම් ශුරතාවයන් ද්විත්වයම දිනා ගැනීමට ද මධ්‍යම පළාත සමත්වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය පසුගියදා (15ද) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී පැවති අතර තරගය සඳහා පිරිමි තරගාවලිය සඳහා එක් පළාතකින් ක්‍රීඩකයින් 10 බැඟින් මෙවර ක්‍රීඩකයින් 88 දෙනෙකු ද, කාන්තා අංශය සදහා එක් පළාතකින් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු බැඟින් ක්‍රීඩිකාවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තරඟාවලිය පැවැත්වින.ජාතික රට හරහා දිවීමේ තරඟ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් මෙසේය. කාන්තා ප්‍රථම ස්ථානය මෙත්මි රසාරා විජේසූරිය ( නැගෙනහිර පළාත.38:40:93), දෙවන ස්ථානය වත්සලා මධුශානී හේරත් ( මධ්‍යම පළාත), තෙවන ස්ථානය චාමිනී හේරත් ( මධ්‍යම පළාත) පිරිමි තරගාවලියේ ප්‍රථම ස්ථානය එම්.සිවරාජන් (මධ්‍යම පළාත. 34:20.31) දෙවන ස්ථානය එම්. සුරංග පුෂ්පකුමාර (බස්නාහිර පළාත) තෙවන ස්ථානය ඒ. ඩී. හේමන්ත කුමාර ( බස්නාහිර පළාත)තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද කාන්තා දින වැඩසටහනක් 17 දින මධ්‍යම පළාත් ,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. දැයේ කාන්තාවන්ගේ අභිමානය වෙනුවෙන් කාන්තා දිනයේ තේමාව වූ “තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්” යන්න අර්ථ ගන්වමින් වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරින. ඒ අනුව කාන්තා ව්‍යවසායකාවන්ගේ අත්කම් අළෙවි පොලක් , රූපලාවනය කටයුතු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් , කාලීනව ඉහල යන රෝගාබාධ වලක්වා ගැනීම හා සුවපත් ජිවිතයක් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය දේශනයක්, පාරිසරික ආරක්ෂාව සදහා මැදිහත්වීම වෙනුවෙන් පැල වර්ග බෙදාදීමක් ද මෙහිදී සිදු කරන ලදී. මෙම වැඩසටහන් සදහා පුස්තකාල පාඨක සමාජවල පාඨකයින් , ප්‍රදේශයේ ව්‍යවයාක කාන්තාවන් ඇතුළු බල ප්‍රදේශයම නියෝජනය කරමින් කාන්තාවන් රැසක් සහභාගී වුහ. ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දි අමදෝරු මහත්මියගේ මගපෙන්වීම මත සංවිධානය වූ මෙම අවස්ථාවට බැංකු පද්ධතිය නියෝජනය කරමින් එහි කළමනාකරුවන් , වෙළද සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
වලපනේ අධ්‍යාපන කලාපයේ දෙවැනි පර්‍යේෂණ සංග්‍රහය “තිනේත්‍රා” එළිදකි
වලපනේ අධ්‍යාපන කලාපයේ ගුරුභවතුන් හා සිසු දරුවන් විසින් සිදු කරන ලද අධ්‍යාපන පර්‍යේෂණ එකතුවක් පසු ගිය දා (07) වලපනේ ඔස්ලින්ක් සම්මන්ත්‍රණ ශාලාවේ දී “තිනේත්‍රා” නමින් එළිදක්වන ලදි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්ගේ හා සිසු දරුවන්ගේ දැනුම, අත්දැකීම්, හඳුනාගත් ගැටලු, යෝජනා ආදිය තෙවැනි ඇසකින් දකිමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම උදෙසා පර්‍යේෂණාත්මක අත්වැලක් සැපයීම “තිනේත්‍රා” පර්‍යේෂණ අනාවරණ එළිදැක්වීමේ සමුළුවේ ප්‍රධාන අරමුණ වූහ.මෙවර මේ සඳහා වලපනේ අධ්‍යාපන කලාපයේ ගුරුමහත්ම මහත්මින් දස දෙනෙකු සහ සිසු දරුවන් දසදෙනෙකු විසින් පර්යේෂණ ඉදිරිපත් කර තිබිණි.මෙම පර්යේෂණ සමුළුව ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්-ටෙක් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්‍ය සංජය සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්‍ය වෝල්ටර් සෙනවිරත්න මහතා විසින් මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරන ලදි. “තිනේත්‍රා” වැනි පර්‍යේෂණ අනාවරණ එළිදැක්වීමේ සමුළුවක් සංවිධානය කිරීම තුළින් වලපනේ අධ්‍යාපන කලාපය තුළ උසස් පර්‍යේෂණ සංස්කෘතියක් ගොඩනැගිය හැකි බව එතුමන්ගේ දේශනය තුළින් අවධාරණය කළේය. මෙම සමුළුවේ දී ගුරු-සිසු දෙපාර්ශවය ඉදිරිපත් කළ පර්‍යේෂණ අනාවරණයන් කාගෙත් ඇගයීමට ලක් වූහ.වලපනේ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාපීය පර්‍යේෂණ සම්බන්ධිකාරක ආර්.එම්.යු.සුමුදුනි විජේසිංහ මූලිකත්වයෙන් “තිනේත්‍රා” පර්‍යේෂණ අනාවරණ එළිදැක්වීම සිදු කෙරිණි.වලපනේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එම්.පී.දිසානායක මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ දීපා අබේසිංහ මහත්මිය, සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, (පාලන) එම්.ඒ.ඩී.කේ.අබේරත්න ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ ආචාරිනි සාගරිකා ගුණතිලක, වලපනේ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක මහත්ම මහත්මීන්, සම්පත්දායක ගුරු මහත්ම මහත්මීන්, වලපනේ අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු දරුවන් ද සමුළුවට සහභාගී වූහ.
- කටුගස්තොට, නවයාලතැන්න, නාගරික පෙර පාසැල නිරික්ෂණයට
- මධ්‍යම පළාතේ පෙර පාසල්වලට නව ඉගෙනුම් කට්ටල
- මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය
- පාරිසරික වටිනාකම සමාජයට ප්‍රවේශ කිරීම වෙනුවෙන් පාරිසරික කෙටි චිත්‍රපට , වාර්තා චිත්‍රපට හා පාරිසරික චිත්‍රපට උළෙලක්
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
