පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

‘නැණෝදා’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ.

‘නැණෝදා’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ. ‘නැණෝදා’ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ දී පසුගියදා (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප පහලොව ආවරණය වන සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මහනුවර කලාප අධ්‍යපන කාර්යාලයේ සම්බන්ධීකරණය කළ මෙම සම්මන්ත්‍රණය සදහා ඇට්ලස් ලංකා සමාගම මඟින් අනුග්‍රාහකත්වය ලබා දේ.දරුවන් විභාගය සදහා පමණක් නොව ජීවිතය සදහා සූදානම් කිරීම වැදගත් වන බවත්, දැනුම, කුසලතා මෙන්ම ආකල්පයන්ගෙන් ද දරුවන් පෝෂණය කළ යුතු බවත්, පාසල් අධ්‍යාපනයේ වැදගත් කඩඉමක් වන ශිෂ්‍යත්ව විභාගය පදනම් කරගනිමින් දරුවන් සදහා මෙවැනි වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම ඉතා වැදගත් වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේය.මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කේ.ජි.ඒස්. නිශ්ශංක මහනුවර හා මාතලේ දිස්ත්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, ඇට්ලස් ලංකා සමගමේ නියෝජිතයින් ඇතුළු දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් ද සහභාගී විය.

පාසල් මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන

ඵලදායි හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමේ පරමාර්ථය පෙරදැරිව,අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලබන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් පාසල් වල 2024 වර්ෂයට ආදාල මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරුදෙණිය මහා විද්‍යාලයේ දී පසුගිය දින (13) පැවැත්විණ. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ, මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙහි සම්පත් දායකත්වය දැක්වූ අතර ජනමාධ්‍යයේ යහපත් සහ අයහපත් බලපෑම,ප්‍රවෘත්ති වාර්තාකරණය මෙන්ම පාසල් මාධ්‍ය ඒකකයක් පිහිටුවීම හා එහි වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහි දී දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට ගුරුදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පතිනි එච්. එම්. පද්මා කුමාරි මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිතුමා, පාසල් මාධ්‍ය සමාජය භාර ගුරුතුමිය හා මාධ්‍ය ඒකකයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

යොවුුන් ව්යට ආදරයෙන් " හැරවුම (The turn) " මැයෙන් නව යොවුන්වියේ පාසල් සිසුන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් වැඩසටහනක්.

යොවුුන් ව්යට ආදරයෙන් " හැරවුම (The turn) " මැයෙන් නව යොවුන්වියේ පාසල් සිසුන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් වැඩසටහනක්. මධ්‍යම පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමියගේ මගපෙන්වීමෙන් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහන දඹුල්ල ජාතික පාසලේ දී පසුගිය 10 වන දින පැවැත්විණි.මෙහිදී අභිප්‍රේරණය පිළිබඳ උපදේශක, මනෝවිද්‍යාඥ, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ, ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත්දායකත්වයෙන් විශේෂ දේශනයක් එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 9 - 11 ශ්‍රේණිවල සිසුන් 500 ක් ඉලක්ක කර ගනිමින් පැවැත්විණි.මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිතුමන් හා අචාර්ය මණ්ඩලය සහභාගි විය.

මහනුවර ලෝක උරුම නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමට පාසල් සමාජ පිහිටුවේ.

මහනුවර ලෝක උරුම නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමට පාසල් සමාජ පිහිටුවේ. ශ්‍රී ලංකාවේ පවතින එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරයේ පවතින ලෝක උරුමයන් ආරක්ෂා කර ගනිමින් මතුපරපුර වෙනුවෙන් දායාද කිරීම හා එහි පවතින වටිනාකම පිළිබදව දැනුම අනාගත පරපුරවෙත ලබාදීම වෙනුවෙන් මහනුවර මහා නගර සභාව මගින් ක්‍රියාත්මක ලෝක උරුම නගර පාසල් සමාජ පිහිටුවීමේ වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහා නගර සභා ශ්‍රවනාගාරයේදී 11 දින පැවැත්විණ. මහනුවර නගරයේ පවතින සියලු පාසල්වල විදුහල්පතිවරුන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ මහාචාර්යවරයා, අද දේශයට - රටට ආදරය කරන දරු පිරිසක් ගොඩනගා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වෙලා. ඒ වෙනුවෙන් ඉතිහාසයේ අපේ රටේ පැවති වටිනාකම් පිළිබදව නිවැරදි දැනුම , නිවැරදි ලෙස දරුවන්හට ලබාදිය යුතුයි. අපේ රටේ පැවති බහුවිද සාර්ථකත්වයන් පිළිබදව අවබෝධයත් , යලි රට එවැනි තත්ත්වයක් වෙත ගමන්කිරීමට මාවතක් ගොඩනාගා ගැනීමත් අනාගත පරපුර වෙත පැවරෙන විශාල වගකීමක් බවට පත්වෙලා.අතීතය ඇත්තටම අපිට උරුමයක්. තාක්ෂනය ,අධ්‍යාපනය ,ආර්ථිකය ,වෛද්‍ය විද්‍යාව , ශාස්ත්‍රීය , මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර , ගොඩනැගිලි ආදී වූ සියලු කරුණු සාර්ථකත්වයෙන් අපේ රටේ පැවතියා. මේ සියලු හරයන් දරුවන්හට ලබාදීම වගකිවයුතු සැමගේ වගකීමක් යැයි ද පැවසිය. මහනුවර නගරයේ පවතින සියලු පාසල්වල පළමුව ලෝක උරුම නගර පාසල් සමාජ පිහිටුවීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර මිට සමගාමිව දරුවන්ගේ දැනුම , කුසලතාවයන් හා ආකල්පයන් වර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලෝක උරුම නගරය ආරක්ෂා කිරීම , ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම , අධ්‍යනය සදහා අවස්ථා උදා කිරීම ඇතුළු උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙළගැසීම පාසලෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. පළමුව දරුවන් දැනුවත් කරමින් සමාජ මෙහෙවරට යොමු කිරීමත් ,සමාජ ප්‍රජාව වගකීමෙන් මහනුවර නගරයේ පවතින ලෝක උරුමයන් ආරක්ෂාකර ගැනීමත් මගින් ලෝක උරුම නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම නව ව්‍යාපෘතියේ මුලික අපේක්ෂාව වේ. මහනුවර මහා නගර සභාව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ , නාගරික ලේකම් ගීතානි ඒකනායක යන මහත්මීන්, විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මධ්‍යම පළාත් බර ඉසිලීමේ තරගාවලිය පසුගිය දා මහනුවර YMCA ශාලාවේදී පවත්වන ලදී.

මධ්‍යම පළාත් බර ඉසිලීමේ තරගාවලිය පසුගිය දා මහනුවර YMCA ශාලාවේදී පවත්වන ලදී. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත් නියෝජනය කරනු ලබන කාන්තා හා පිරිමි කණ්ඩායම් තෝරාගැනීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේදී මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත , මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් මෙම තරගාවලිය සංවිධානය කොට පැවති අතර තරග සම්බන්ධීකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි සනත් පුරගේගෙදර විසින් සිදුකරන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook