පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

ජාතික වෙසක් උත්සවයේ සමාරම්භය මාතලේදී.

ජාතික වෙසක් උත්සවයේ සමාරම්භය මාතලේදී. 2586 ක් වූ බුද්ධ වර්ෂයේ වෙසක් සැමරුම ආරම්භ කරමින් ජාතික වෙසක් උත්සවයේ සමාරම්භය මහා සංඝරත්නය පෙරටුව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ශ්‍රී ධර්මරාජ මහා පිරිවෙන් පරිශ්‍රයේ දී පසුගිය (22) සිදුකෙරින. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩය විජිතසිරි ස්වාමීන් වහන්සේ , ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ, අමරපුර මහා නිකායේ අනුනායක අස්සජි ස්වාමීන් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික වෙසක් උත්සව සමාරම්භක අවස්ථාව සඳහා විදේශීය භික්ෂූන් වහන්සේලා, විදේශීය තානාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ පිරිස් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ. ලාංකීය බෞද්ධ පුනරුදය උදෙසා ප්‍රබල ශක්තියක් හා දායකත්වයක් ලබා දුන් මාතලේ පුරවරය පදනම් කර ගනිමින් මෙවර ජාතික වෙසක් උත්සව සැමරුම සතියක් පුරා සැමරීමට සංවිධානය කොට පවතී. ශ්‍රී ලංකාවාසී ජනයා තුළ ධාර්මිකත්වය ගොඩනගමින් දෑහිතකාමී සමාජයක් බිහිකිරීමට පසුබිම උදාකිරීම සදහා බුදුදහමේ හරය ජාතික වෙසක් සතිය තුළ ඉවහල් කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙවර ජාතික වෙසක් කලාපය “අනුන් කළ දේ නොව - තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු” යන ප්‍රමුඛ තේමාව අරමුණු කර ගනිමින් වැඩසටහන් රැසක් සංවිධානය කොට පවති. ජාතික වෙසක් සැමරුමට සමගාමීව මුද්දර තුනක් හා රාජ්‍ය වෙසක් දින මුද්දරය නිකුත් කිරීම ද මෙහිදී සිදුකරනු ලැබීය. විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් හා දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් සංකේතවත් කරමින් මුල්‍යාධාර ප්‍රදානය කිරීමද සිදුකරනු ලැබූ අතර , පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් පොත් කට්ටල ලබාදීම , සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණුව සඳහා ආධාර ලබාදීම, දහම් පාසල් සඳහා ඩෙස් හා බංකු ප්‍රධානය කිරීම, බුදුපුත් සුරක්ෂා නිවාස ආධාර ලබාදීම සිදු කරන ලදි. ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය පිළිබඳව අධ්‍යාපනික වටිනාකමින් යුතු විශේෂ ප්‍රදර්ශනයක් ද මෙම වෙසක් සතියට සමගාමීව මෙම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වේ. මෙම උත්සව අවස්ථාව සඳහා බෞද්ධ කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ , මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි,ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ , අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් , ශාසනාරක්ෂක බල මණ්ඩල නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වෙනි සම්බුදු තෙමගුල නිමිතිකරගෙන පැවැත්වෙන මහනුවර සෙංකඩගල වෙසක් කලාපයට සමගාමිව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 21 දින මහනුවර පිහිටි අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ද එක්විය.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභගි වූ අතර , පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතිනි.

මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් පන්සිය නමක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ.

මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් පන්සිය නමක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ. ජාතික වෙසක් කලාපයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මහනුවර සෙංකඩගල වෙසක් කලාපය ආරම්භ කරමින් දළදා මාලිගාව අබියස දී පිණ්ඩපාත චාරිකා වැඩසටහනක් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 22දින ආරම්භ කෙරිණ. ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු හා අස්ගිරිය උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්, මධ්‍යම පළාත් ආණඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත, අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා භික්ෂූන් වහන්සේලා පන්සිය නමක්(500) සහභාගී වූහ. ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ කරන ලද පිණ්ඩපාත චාරිකාව මාර්ග පහක් ඔස්සේ මහනුවර නගරයම ආවරණය කරමින් ස්ථාන පහක් වෙත භික්ෂූන් වහන්සේලා වැඩම කිරීම සිදු විය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව, හේමමාලී බාලිකා විද්‍යාලය ,මහනුවර පොලිස් ස්ථානය හා නාගරික සංවර්ධන අධිකාරිය යන ස්ථානයන්හි භික්ෂූන් වහන්සේලා පන්සිය නම සඳහා දානය පිළිගැන්වීම සිදුකෙරෙන. මෙම මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට, ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් විය.

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ වැඩමුළුවක්.

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ වැඩමුළුවක්. මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් දැනුවත් කිරීමේ පුහුණු වැඩ මුළුවක් පසුගියදා පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතනයේදී පැවැත්විණ.

වන්දනාවට විවෘත වන මෙරට විශාලතම මෙත් බෝසත් ප්‍රතිමාව

වන්දනාවට විවෘත වන මෙරට විශාලතම මෙත් බෝසත් ප්‍රතිමාව මහනුවර, පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම මෛත්‍රී බෝසත් පිළිම වහන්සේගේ ප්‍රතිමාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සුභ මෙහොතින් අද (20) සිදු කෙරිණි.පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති විහාරාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක රාජාංගනයේ සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රතිමාව ඉදි කර ඇත. උස අඩි 34ක් උසැති මෙම ප්‍රතිමා වහන්සේ, රුපියල් මිලියන 08ක වියදමින් ඉදිකොට ඇති මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ වාස්තු නිර්මාණ ශිල්පී ඩබ්ලියු.එම්. ආරියරත්න කලාකරුවා විසිනි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය මෙම ප්‍රතිමාව ඉදිරි කිරීම සදහා ලබා දී ඇත. පිළිමය විවෘත කිරිමේ අවස්ථාවට සමගාමීව මෙත් බෝ වන්දනා ග්‍රන්ථය දොරට වැඩුම සිදු කෙරුණු අතර පූජ්‍ය බටගල්ලේ ධම්මරතන හිමි සහ පූජ්‍ය දියසෙන්පුර විනීත හිමියන්ගේ සහභාගීවයෙන් පස්වරුවේ බෝධි පූජාවක් ද පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා උඩරට අමරපුර ශාසන ජෝතික මහා නිකායේ මහානායක, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක, පේරාදෙණිය සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති වත්තේගම ධම්මාවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය, පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ උදයන කිරිඳීගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නාමල් රාජපක්ෂ, යදාමිණි ගුණවර්ධන යන මහත්වරුන්, මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක සභාවේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook