පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක්

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (06) දින පැවැත්විණි.මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්නෙ දළදා දැක්ම වසර දහසයකට පසු පැවත්වෙන අතර එය අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අප්‍රේල් 18 වැනි දින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වාත් , ඉන්පසු අප්‍රේල් 19 සිට 27 දක්වා දිනපතා දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දින 10ක් පැවැත්වේ. මෙහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, මෙවර දළදා දැක්ම සඳහා ලක්ෂ විස්සකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන බව පැවසීය.දින දහයක කාලයක් පැවැත්වෙන මෙම දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවේශ කර ගන්නා බවත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුලු ආයතන රැසක් එක්ව කටයුතු සම්පාදනය කරන බව ද ඒ මහතා පැවසුවේය.පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ඇතුල් කර ගන්නා සැදැහැවතුන් දළදා වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටත් කරන බවත් ඔවුන් මහ මළුව සහ අවන්හල දෙසින් බැහැරට ගමන් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.දළදා දැක්ම ක්‍රියාත්මක කාලයේදී මහනුවර නගරයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බවත් එම දින කිහිපය තුළදී මහනුවර කේන්ද්‍ර කොට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පවැසීය.මෙම සාකච්ඡාවේදී විශේෂ දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැමිණෙන බැතිමතුන් සඳහා පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, රාත්‍රී කාලයේ දී දන්සැල් පැවැත්වීම, දුම්රිය ඇතුලු ප්‍රවාහනය ඇතුලු පහසුකම්, ආරක්ෂාව, මහනුවර නගරය අලංකරණය කිරීම, රථ වාහන නියාමනය කිරිම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙක් සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථා සඳහා බදුලු මුතියංගණ රජමහ විහාරයේ භාරකාර අස්ගිරි මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරත්න හිමි, මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) සංවිධානය කර තිබිණි.මෙම සාකච්ඡාවේදී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලේ හා ශිෂ්‍ය අභිවෘද්ධිය උදෙසා සිදු කරගෙන යනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදු කරන ලදි.එමෙන්ම විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යන කටයුතු හා යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදි වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සුදේශ් අතාවුද, ලේකම් දිනේන්ද්‍ර සේනාධිර, භාණ්ඩාගාරික භාතිය මංචනායක යන මහත්වරුන් එක් වූහ.

මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) දින පැවැත්විණි.සමස්ත ලංකා හෙද සංගමයේ ඉල්ලීමක් අනුව සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාතට බලපා ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තීය හා ආයතනික ගැටළු සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්විය. ඒ අනුව ඒ සඳහා ලබා ගත යුතු කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.ආර්. කහඳවආරච්චි යන මහත්ම මහත්මින් ද සහ සමස්ත ලංකා හෙද සංගමයේ සංගමයේ නියෝජිතයින් සහ ආමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මහනුවර නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

මහනුවර දිස්ත්‍රික්කයේ නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වන දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මුලික මිනිස් අවශ්‍යතාවයක් වන ජලය සෑම පුරවැසියෙකුටම පරිභෝජනය කිරීම සදහා කටයුතු යෙදීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙලක් විදිමත් ලෙස සැකසීම පිළිබදව මෙහිදී කරුණු රැසක් සාකච්ජා කෙරින. ඒ අනුව පවතින ගැටළු සාකච්ජා කිරීම , ඒ සදහා ලබාදිය හැකි විසදුම් හා ක්‍රියාමාර්ග පිළිබදව අවධානය යොමු කිරීම, ආයතන අතර මනා සහයෝගයක් ඇතිව කටයුතු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී. මෙම අවස්ථාව සදහා මහනුවර මහ නගර සභාව , ජලසම්පාදන මණ්ඩලය යන ආයතනවල නිලධාරින් සහභාගී වී සිටියහ.

ක්‍රියාවට නංවන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීමට සාකච්ජාවක්

පොදුජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් මෙතෙක් විවිධ රජයන් මගින් ක්‍රියාවට නගන ලද ව්‍යාපෘති හේතුවෙන් අද වන විටත් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් වූ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වන දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදී ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළු රැසක් පිළිබදව කරුණු සාකච්ජා කරන ලද අතර කසළ කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. රජය ගෙනයන නව වැඩසටහනට සමගාමිව ජනතා අපහසුතාවයන් අවම කරමින් වඩා ප්‍රසස්ත සේවාවක් රාජ්‍ය ආයතන මගින් ලබාදීමත් ,පොදු සමාජ වගකීම් දරමින් ජනතාව නිසිලෙස තම කාර්යයන් වල නිරතවීම මගින් වඩා යහපත් වූ සමාජයක් ගොඩනැගිය හැකි බවත් , ඒ සදහා ආකල්පමය වෙනසක් සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු බවත් මෙහිදී ආණ්ඩුකාරවර අභයකෝන් මහතා කරුණු දක්වමින් මෙහිදී කීය. වසර 40කට අදික කාලයක සිට ක්‍රියාත්මක වන ගොහාගොඩ කසළ අංගනයේ කටයුතු , දැනට පවතින තත්ත්වයන් හා ආශ්‍රිතව උද්ගතව ඇති ගැටළු , කසල කළමනාකරණය සදහා විකල්ප ස්ථානයන් භාවිතා කිරීම, කසල සම්පතක් බවට පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග , නිවෙස් ආශ්‍රිතව සිදුකළ හැකි කසළ කළමනාකරණ ව්‍යාපෘති සක්‍රිය කිරීම , අනවසර ලෙස කසළ බැහැරකිරීම් නැවැත්වීමේ කටයුතු ,කසළ එකතු කිරීමේ කටයුතු සක්‍රිය කිරීම , ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් විදිමත් වැඩපිළිවෙලක් සැකසීම ආදී වූ කරුණු රැසක් මෙහිදී සාකච්ජාවට බදුන් විය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක, මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් , පොදු සම්පත් සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් එහි සාමාජිකයින් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook