පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

මධ්‍යම පළාත හා චීනයේ jiangxi පළාතේ අතර සංස්කෘතික හා වෙළඳ වාණිජ ආයෝජන සහයෝගිතාව පිළිබඳ එකගතා හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන්

මධ්‍යම පළාත හා චීනයේ jiangxi පළාතේ අතර සංස්කෘතික හා වෙළඳ වාණිජ ආයෝජන සහයෝගිතාව පිළිබඳ එකගතා හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ , ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා ගේ සහභාගිත්වයෙන් පසුගිය 17 දින ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ . මෙහිදී දෙරටේ පළාත් දෙක අතර පවතින සංස්කෘතික, වාණිජ ආයෝජන ප්‍රවර්ධනය , භාණ්ඩ හුවමාරුව හා මධ්‍යම පළාත තුල පවතින සුවිශේෂ වටිනාකමින් යුත් සංස්කෘතික කර්මාන්ත හා වානිජ සම්පත් ප්‍රවර්ධනය , නව ආයෝජන අවස්ථා සැලසීම පිළිබඳ දෙපාර්ශ්වයේම අවධානය යොමුවිය. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මෙතුලින් පළාතේ පවතින විශාල සම්පත් සඳහා ආයෝජනය අවස්ථා පැමිණීමත් , ආයෝජනය කිරීමත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමත්, රටෙහි පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ආර්ථික ලාභයක් ලබා ගැනීමට මෙය මහගු අවස්ථාවක් බවත්ය. එසේ ම ඉදිරියේ දී චීන jiangxi හා මධ්‍යම පළාත අතර වන ආයෝජන සඳහා ගිවිසුම්ගත වීම සිදුකරන බවත් ය. චීන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු විසින් මධ්‍යම පළාතේ ආයෝජනය කල හැකි අවස්ථා පිළිබද ව කරුණු දැක්වූ අතර, එම අවස්ථා වට චීනය ස්ථාවර කමිටු ලේකම් wu qyons , චීන හලාල් ජනතා සංගමය විධායක උප සභාපති thu unbo , නැගෙනහිර චීන තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පක්ෂ ලේකම් zhang fuqing යන මහත්වරුන් හා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යශ ලේකම් උපාලි රණවක, සංචාරක කර්මාන්ත අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර , කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන්,ආයතන ප්‍රධානීන්, ව්‍යවසායකයන් පිරිසක් සහ කර්මාන්ත වාණිජ මණ්ඩල ප්‍රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය

හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී.

හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී . හෙට්ටිපොල නගරයේ ඉඩම් ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (17) පැවැත්විය. එහිදී එම ගැටලුවට අමතරව, දීර්ඝ කාලීන බදු e-Slim දත්ත පද්ධතිය ඔස්සේ සකස් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වු අතර, මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ඉඩම් කොමසාරිස් පුබුදු ප්‍රේමදාස (මාර්ගගත තාක්ෂණයෙන්) , පළාත් ඉඩම් කෙමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් ද එක් විය.

‘සංජානනී’ කලා මහෝත්සවය

‘සංජානනී’ කලා මහෝත්සවය සාර්ථකව පැවැත්විණ. අස්ගිරි මහා විහාරයීය මහා පිරිවෙන වාර්ෂිකව සංවිධානය කරන ‘සංජානනී’ ශිෂ්‍ය කලා මහෝත්සවය ‘කහ සිවුරයි - කලා කෙතයි’ යන තේමාව යටතේ මහා මහා සංඝරත්නයේ මඟපෙන්වීමෙන් හා මූලිකත්වයෙන් , ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙවර ද පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහනේ සමාප්ති උළෙල හා කුසලතා දැක්වූ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා වෙත ත්‍යාග ප්‍රදානය ඉකුත් 13 වනදා පිරිවෙන් ප්‍රධාන ශාලාවේදී සිදු කෙරිණි. සමාප්ති උළෙලේ ප්‍රධාන දේශනය ‘පෙරදිග විචාර සිද්ධාන්ත ඇසුරෙන් කාව්‍ය හා ගීත රසවින්දනය’ මැයෙන් පවත්වනු ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසිනි. වැඩසටහනට සමගාමීව ‘නැණැස’ ශාස්ත්‍රීය සංග්‍රහය ද එළි දක්වන ලදී. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ද, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මහත්මිය ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර සුහද හමුවක්

මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්රිව් පැට්ට්‍රික් (H.E. Andrew Patrick) මහතා අතර සුහද හමුවක් පසුගියදා (05) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී සිදුවිය.

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්.

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස් නුවරඑළිය ග්‍රෙගරි වැව සංචාරක කලාපයේ වෙළදාම් ආදායම් පහලයාම සම්බන්ධයෙන් ලද ජනතා ඉල්ලීමකට අනුව නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (12) කටයුතු කළේය. එහිදී අදාල සංචාරක කලාපයේ අංශ ග්‍රෙගරි වැවෙහි පිහිටීමත් සමග දෙපසට විහිදී වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වීම මත නිසි ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය වන බව පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටි අතර, ඉදිකිරීමට යෝජිතව ඇති නමුත් ඉදිකිරිම සිදු නොකළ පාලම කඩිනමින් ඉදිකරමින් විධිමත් ලෙස එක් එක් අංශ එකිනෙක සම්බන්ධකිරීම මගින් වඩා හොඳ සංචාරක කලාපයක් ලෙස ග්‍රෙගරි වැව සංචාරක කලාපය සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් අදාල අංශ වෙත පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදීම සිදුවිය.එක් එක් අංශ අතර මනා සම්බන්ධතාවයක් පැවතීමෙන් සංචාරකයන්හට පහසුවෙන් සංචාරක අත්දැකීම් විදගැනීමට අවස්ථාව සැලසීම ඔස්සේ සංචාරක කලාපය වෙත වැඩි ආකර්ශනයක් ලබාගැනීමට හැකියාව සැලසීමෙන් ‍මෙන්ම ක්‍රියාකාරකම් පදනම් කොට ගත් නව සංචාරක ආකර්ෂණ මෙම කලාපයේ පිහිටවීම මගින් වෙළද ආදායම් ද ඉහල යෑමට අවස්ථාව සැලසෙන බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එස්.පී.කේ. බෝධිමාන්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook