
සංවර්ධන නිළධාරින් හා කළමනාකරණ සේවා නිළධාරින් දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩමුළුවක්.
ආයතනයක් තුළ නිවැරදි කාර්යාල ක්‍රම අනුගමනය කිරිම තුළින් වඩා විධිමත්ව කාර්යක්ෂම හා ඵලදායිත්වයෙන් යුතු ඉහළ කාර්යසාධනයක් පවත්වා ගැනීමේ අරමුණ ඇතිව, කාර්යාල ක්‍රම හා ලිපිගොනුකරණය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල සංවර්ධන නිළධාරින් හා කළමනාකරණ සේවා නිළධාරින් දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩමුළුවක්, පසුගියදා නවයාලතැන්න සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
පළාත් පාලන කොමසාරිස් ඒ. එම්.කේ.සී.කේ අතපත්තු මහත්මියගේ මඟ පෙන්වීමෙන් හා නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩමුළුවේ සම්පත්දායකත්වය, මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්,ටී.බී.එස්.එන් බුලත්ගේ මහත්මිය විසින් ලබා දෙන ලදි.