පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මාතලේ කලාපය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ

මාතලේ කලාපය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලයේ දී පසුගියදා (21) පැවැත්විණි. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ජානක සම්පත් මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ සිසුන් දැනුවත් කෙරිණි. ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ද මෙම වැඩසටහන සමන්විත විය.මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එන්. නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය හා මාධ්‍ය විෂය සම්බන්ධීකාරක සහකාර අධ්‍යාපන පී. ප්‍රකාශ් මහතාගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට මාතලේ කලාපය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය, පාක්‍යම් ජාතික පාසල , දන්කන්ද මහා විද්‍යාලය, ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, ශාන්ත තෝමස් විද්‍යාලය හා ක්‍රිස්ට් චර්ච් විද්‍යාලය නියෝජනය කරමින් මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන්,සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook