පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ගම්පොල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධනයට නව වැඩපිළිවෙලක්

ගම්පොල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධනයට නව වැඩපිළිවෙලක්

කලාපයට අයත් සියලු පාසල් වල අධ්‍යාපන ප්‍රතිඵල ඉහල නැංවීම ඉලක්කව අධ්‍යාපන ගුනාත්මක සංවර්ධනය යන මැයෙන් සම්මන්ත්‍රණයක් අද ගම්පො ල ලෝටස් මහල් හෝටලයේ දි පැවැත්විණි.

ගම්පො ල කලාපයට අයත් පාසල් 143 ක විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරින්නේ සහභාගිත්වයෙන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී කලාපයේ අධ්‍යාපන ප්‍රතිඵල තිරසර ව පවත්වා ගෙන යාම, උසස්පෙල විභාගය ඉලක්කව විශේ ෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම ,අමතර කාලය භාවිතයෙන් ශිෂ්‍ය ඉගෙනුම් ක්‍රියාවලිය වැඩි දියුනු කිරිම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙණි. 2024 වන විට පලාතේ 5 වන තැනට ගෙ න ඒම ඉලක්කව විශේෂ ව්‍යාපෘති සකස් කොට ක්‍රියාවට නැංවීම ඉලක්ක ගතව සියල්ල සංවිධානය වීමේ අවශ්‍යතාවයන් අවධාරණය විය. ගම්පො ල කලාපය තුල ශිෂ්‍ය සංඛ්‍යාව 53 000 ක් පමන වේ . ගුරු සිසු අනුපාතය 1:18 කි. කලාපයේ පාසල් අතරින් කුරුදුවත්ත රාජකීය විද්‍යාලය දස වසරක් තුල ලංකාවේ හො දම පාසල් 50 අතරට පැමිනිමට හැකි වීම කැපී පෙනෙන සාධකයකි . අතිරික්ත ගුරුවරුන් ස්ථාන ගත කිරිම, කලාපයට නිශ්චිත පුර්ණ කාලීන කළාප අධ්‍යක්ෂ වරයෙක් පත්කීරිම. උඩපළාත ස්ථිර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම, කලාපය තුල පවතින ගනිතය ,විද්‍යාව, ඉංග්‍රීසි ,සෞන්දර්ය ඇතුළු විෂයන් ඉගෙන්විම සදහා ගුරුවරුන් ලබාදීම. ශ්‍රේණි ධාරි විදුහල්පතිවරුන් පත් කිරිම , වතු පාසල් කෙරෙහි විශේ ෂ අවධානයක් යොමු කිරිම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී අනාවරණය වූ අතර , එක් එක් පාසලක් මුහුණ දෙන ගැටළු අධ්‍යයනය කොට සමීක්ෂණ වාර්තාවක් සති දෙකක් ඇතුලත කෙටුම් පත් කර යොමු කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා කළාප අධ්‍යක්ෂවරයාට දැනුම් දෙනු ලැබිය.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ අනුරාධ ජයරත්න , අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්වරුන් ඇතුළු ව අධ්‍යපාන දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම සාකච්ඡා වට සහභාගී විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook