පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ත්‍රෝබෝල් ශුරතා අල් ෆුර්කාන් මුස්ලිම් මහා විද්‍යාලය හා කොත්මලේ ගාමිණී දිසානායක මධ්‍ය මහා විද්‍යාලය හිමිකර ගනී.

මධ්‍යම පළාත් ත්‍රෝබෝල් ශුරතා අල් ෆුර්කාන් මුස්ලිම් මහා විද්‍යාලය හා කොත්මලේ ගාමිණී දිසානායක මධ්‍ය මහා විද්‍යාලය හිමිකර ගනී. මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ත්‍රෝබෝල් බාලක හා බාලිකා තරගාවලිය පසුගියදා මහනුවර කුණ්ඩසාලේ කෙන්ගල්ල ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. මධ්‍යම පළාතෙන් 2024 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සදහා සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කොට පැවතුනි. වයස් කාණ්ඩ දෙකක් යටතේ සංවිධානය වී පැවැති මෙම තරගාවලියේ දී නගරබද පාසල් අභිබවමින් ග්‍රාමීය පාසල් දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. එහිදී වයස අවුරුදු17 න් පහළ බාලක/බාලිකා , වයස අවුරුදු 20 න් පහළ බාලක /බාලිකා ලෙසින් තරග සංවිධානය වී පැවතුනී. තරගාවලියේදී වයස අවුරුදු17 න් පහළ ශූරතාවය දිනා ගැනීමට ගලේවෙල අධ්‍යාපන කලාපයේ අල් ෆුර්කාන් මුස්ලිම් මහා විද්‍යාලය සමත් වූ අතර මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට ශූරතාවය දිනා ගැනීමට මෙම පාසල සමත් වීම විශේෂත්වයක් විය. මෙම වයස් කාණ්ඩයේ අනුශූරතාවය නාවුල අධ්‍යාපන කලාපයේ කෝන්ගහවෙල මහා විද්‍යාලය හිමිකර ගැනීමට සමත් වූ අතර කොත්මලේ මල්දෙනිය මහා විද්‍යාලය ට තෙවන ස්ථානය හිමි විය.වයස අවුරුදු 20 න් පහළ බාලක ත්‍රෝබෝල් ශූරතාවය දිනා ගැනීමට කොත්මලේ අධ්‍යාපන කලාපයේ ගාමිණී දිසානායක මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. එහි අනුශූරතාවය නාවුල අධ්‍යාපන කලාපයේ ශ්‍රී නාග ජාතික පාසලත්, තෙවන ස්ථානය නාවුල අධ්‍යාපන කලාපයේ කෝන්ගහවෙල මහා විද්‍යාලයත් හිමිකර ගැනීමට සමත් විය.මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook