පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා  තරගාවලියේ  සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට.

මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට.

මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමත්විය.මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ දී පසුගියදා පවත්වන ලද මෙම තරගාවලියේ අනු ශූරතාවය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිකර ගැනීමට සමත් වූ අතර මෙම ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයින් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කළ එම්. උෂාන් ජයකොඩි ක්‍රීඩකයා ද , දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ටී.ජී.ජේ.රුවන්තිකා ද සම්මානයෙන් පිදුම් ලැබීය.මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී අජිත් කුලතුංග මහතාගේ අධීක්ෂණය යටතේ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එක්ව සිටි අතර, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එම්. යු. නිශාන්ත, මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ලක්ෂ්මන් විජේසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook