පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

දේශීය නව ආහාර  නිෂ්පාදන සැකසුම් ප්‍රභේද  ව්‍යවසායකයින්හට හදුන්වාදීමේ වැඩසටහනක් මධ්‍යම පලාතෙන් ආරම්භ කෙරේ.

දේශීය නව ආහාර නිෂ්පාදන සැකසුම් ප්‍රභේද ව්‍යවසායකයින්හට හදුන්වාදීමේ වැඩසටහනක් මධ්‍යම පලාතෙන් ආරම්භ කෙරේ.

දේශීය නව ආහාර නිෂ්පාදන සැකසුම් ප්‍රභේද 06ක් ව්‍යවසායකයින්හට හදුන්වාදීමේ වැඩසටහනක් මධ්‍යම පලාතෙන් ආරම්භ කෙරේ. කාලීනව ඉහල යන විවිධ රෝගාබාධයන් අවම කර ගැනීම සදහා අතීතයේ පැවතී දේශීය ආහාර වර්ග යොදා ගනිමින් , ජනතාව වෙත නව ආහාර ප්‍රභේදයන් හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත්දා පේරාදෙණිය ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකක විද්‍යාගාරයේදී පැවැත්විණි . මෙහිදී නව තාක්ෂණය මුසුකර දේශීය වට්ටෝරු සහිත නව ආහාර නිෂ්පාදන සැකසුම් ප්‍රභේද අංග 06ක් හදුන්වාදීම හා ව්‍යවසායකයින්හට දැනුම ලබාදීම සිදු විය. ආහාරවල ගුණාත්මක බව රැකගනිමින් ජනතාවට පෝෂණීය දේශීය ආහාර විවිධාංගි කරණයෙන් යුක්තව භාවිතා කිරීම හදුන්වාදීම මෙන්ම ආහාර තාක්ෂණය , පසු අස්වනු පර්යේෂණ නව නිපැයුම් හා සොයාගැනීම් ජනතාව වෙත ගෙනයාම වෙනුවෙන් ආහාර පර්යේෂණ ඒකකය හා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව දේශීය ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කොට ඇත. ආහාර පර්යේෂණ ඒකකය විසින් වසරකදී නව ආහාර ප්‍රබේද විශාල ප්‍රමාණයක් හදුන්වා දෙනු ලබන අතර මධ්‍යම පළාත තුළ ප්‍රථම වතාවට දේශීය ආහාර යොදා ගනිමින් නව ආහාර සැකසුම් ක්‍රමවේද පිළිබදව ව්‍යවසායකයින් දැනුවත් කිරීම හා ඔවුන්හට නිසි පුහුණුවක් ලබාදීමට මෙහිදී පියවර ගෙන පැවති අතර , මේ සදහා මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි හෙළ බොජුන් හල් පවත්වාගෙන යන ව්‍යවසායකයින් 30 දෙනෙකු තෝරාගෙන පැවතුණි. මෙහිදී නව ආහාර ප්‍රභේදයන් ලෙසින් කුරක්කන් කප් කේක් , පළතුරු ලෙදර් (බෙලි/නෙල්ලි ) , මන්ඤක්ඤා ෆින්ගර්ස් හා චිප්ස් , වට්ටක්කා සහ බතල අයිස් ක්‍රීම් , නිල්කටරෝඩු ජෙලි හා මුරුක්කු , බතල මැජික් බෝල් සැකසීම පිළිබදව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම දෙදිනක් තුළ සිදු විය. පර්යේෂණ මත සිදුකරන ලද ආහාරපාන සැකසුම් පිළියෙළ කිරීම , අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයන් හා සැකසීමේ ක්‍රමවේද , නව ඇසුරුම් ක්‍රමවේද , වටිනාකම් දැන්වීමේ ලේබල් සකස්කිරීම හා වෙළදපොල ජයගැනීමේ උපක්‍රම ඇතුළු නව නිෂ්පාදන ගුණාත්මකව වෙළෙදපොල වෙත හදුන්වාදීම හා ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් අවශ්‍ය දැනුම හා ආහාර ප්‍රභේද ප්‍රායෝගිකව සකස්කිරීමේ කටයුතු ද මෙහිදී සිදුකරන ලදී. කාලීනව ඉහළ යන රෝගාබාධ වලක්වා ගැනීම , දේශීය ආහාර රටාවන් ප්‍රචලිත කිරීම , දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීම , වඩා වැඩි පෝෂණ ගුණයක් සහිත ආහාර ජනතාව වෙත ලබාදීම,කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම හා වැඩි ආදායමක් උපයා ගැනීම අවස්ථාවන් උදා කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර පැවතුනි. මෙම වැඩසටහනේ සදහා සම්පත්දයකත්වය ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකයේ නිලධාරින් විසින් ලබාදෙන ලද අතර මෙම අවස්ථාව සදහා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර , ආහාර පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එච්.ආර්.පී.ප්‍රනාන්දු , සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය චන්දි වෙල්ලාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook