පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර  කලාපයේ ප්‍රතිඵල හා ඉලක්ක ජයගැනීමට වැඩසටහනක්..

මහනුවර කලාපයේ ප්‍රතිඵල හා ඉලක්ක ජයගැනීමට වැඩසටහනක්..

මහනුවර කලාපයේ ප්‍රතිඵල හා ඉලක්ක ජයගැනීමට වැඩසටහනක්.. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ප්‍රතිඵල සංවර්ධන හා ඉලක්ක ජයගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනක් මහනුවර, පේරාදෙණිය පාරේ, ද කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩන්ස් හිදී අද (19) පැවැත්විණි. මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන විශේෂඥ වෛද්‍ය, මනෝචිකිත්සක චමින්ද වීරසිරිවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා මහනුවර කලාපයේ තෝරාගත් තෝරාගත් පාසල් කිහිපයක සෙසු දරුවන් 350ක් පමණ පිරිසක් සහ මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ තවත් 8000කට ආසන්න සිසු දරු දැරියන් පිරිසක් සහභාගි වූහ. මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සිසු සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook