පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

වන ජීවීන්  සුරකිමු" මැයෙන්  වන ජීවී ඡායා රූප ප්‍රදර්ශනයක්. පළමු වරට මහනුවර දී.

වන ජීවීන් සුරකිමු" මැයෙන් වන ජීවී ඡායා රූප ප්‍රදර්ශනයක්. පළමු වරට මහනුවර දී.

වන ජීවීන් සුරකිමු" මැයෙන් වන ජීවී ඡායා රූප ප්‍රදර්ශනයක්. පළමු වරට මහනුවර දී. තිරසර පරිසරයක තුලිත බව රැක දෙන වන ජීවීන් සුරකිමු යන තේමාව ඔස්සේ වන ජීවී ඡායා රූප ප්‍රදර්ශනයක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පසුගියදා (02) ආරම්භ කෙරිණි. ලෝක වනජීවී සංරක්ෂණය දිනයට සමගාමීව මධ්‍යම පළාත් කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශය හා හුස්ම සංවිධානය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය මධ්‍යම පළාත් මාධ්‍යය එකකින් විසින් ලබා දෙන අතර ප්‍රදර්ශනය දෙදිනක් පුරා පැවැත්වේ. අලි ඇතුන් සංරක්ෂණය කිරීම මගින් සමස්ත වනජීවීන් පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීමට දායකත්වය ලබා ගැනීම අරමුණින් මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය කේ.බී. රණවන, මහාචාර්ය අශෝක දංගොල්ල, මහාචාර්ය සාලිය කුලරත්න, ආචාර්ය ඩබ්ලිව්.ඵ්.ජී.එස්. විජේසුන්දර, හුස්ම සංවිධානයේ සභාපති කැලුම් මහේෂ්, මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අබේරත්න යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වූහ. ප්‍රදර් ශනය 03 දිනත් මහජනතාවට නැරඹිය හැකිවේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook