පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

වෙම්බඩ මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු දරුවන්ට පරිසර නියමු පදක්කම්....

වෙම්බඩ මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු දරුවන්ට පරිසර නියමු පදක්කම්....

වෙම්බඩ මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු දරුවන්ට පරිසර නියමු පදක්කම්.... දෙනුවර අධ්‍යාපන කලාපයේ වෙම්බඩ මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු දරුවන් සදහා පරිසර නියමු නිල ලාංජන පැළඳවීමේ උත්සවය අද (07) එම විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් ටී.ඒ.ඩී.ඩබ්ලිව්. දයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදි සිසු දරුවන් 46 දෙනෙකු සදහා පරිසර නියමු නිල ලාංජන පැළඳවීම සිදුවිණි. මීට සමගාමීව පේරාදෙණිය විශ්වවිද්‍යලයීය, ප්‍රධාන පුස්තකාලයේ අනුග්‍රහයෙන් විද්‍යාලයේ වැඩිදියුණු කළ පුස්තකාලය සිසු අයිතියට පත් කිරීමද සිදු විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ගීතාංජලි සේනාරත්න, දෙනුවර කලාප අධ්‍යපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටි ආරච්චි යන මහත්මීන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්, කේ.ඒ. විජේරත්න, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පරිසර අංශයේ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අබේරත්න, වෙම්බඩ මුස්ලිම මහා විද්‍යාලයේ විදුහල්පති එම්.ඉසෙඩ්.එම්. ෆාසීම් යන මහත්වරුන්, ගුරු භවතුන් හා සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook