පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

අභිමානයෙන් සැමරූ මහනුවර බෞද්ධ තරුණ බෞද්ධ සංගමයේ පනස් අටවන සංවත්සර උළෙල..

අභිමානයෙන් සැමරූ මහනුවර බෞද්ධ තරුණ බෞද්ධ සංගමයේ පනස් අටවන සංවත්සර උළෙල..

අභිමානයෙන් සැමරූ මහනුවර බෞද්ධ තරුණ බෞද්ධ සංගමයේ පනස් අටවන සංවත්සර උළෙල.... මහනුවර බෞද්ධ තරුණ බෞද්ධ සංගමයේ පනස් අටවන සංවත්සර උළෙල පසුගිය දා (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගම් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. මෙම වැඩසටහනට සමගාමීව මහනුවර තරුණ බෞද්ධ සංගමය විසින් පාසල් සිසු දරුවන් සඳහා සංවිධානය කළ තරඟ ජයග්‍රහයකින් සඳහා ත්‍යාග හා සහතික පත් පිරිනැමීම සිදුවිණි. එමෙන්ම මෙම සංගමය විසින් පළ කරනු ලබන "සම්බෝධි" පුවත්පතේ 50 වන කලාපය පිරි දැක්වීම හා වසර විස්සකට වැඩි කාලයක් සමිතියේ කාර්යයන් සඳහා දායකත්වය ලබා දුන් සාමාජිකයින් සඳහා යාවජීව සාමාජිකත්වය ලබාදීමද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර, මහනුවර තරුණ බෞද්ධ සංගමය සභාපති ඩබ්.බී.පී. තෙන්නකෝන්, ලේකම් මෛත්‍රී අතු කෝරළ යන මහත්වරු සමිති සාමාජිකයින් පාසල් සිසු දරුවන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook