
නව යොවුන් දරුවන්ට රැකියා සඳහා අත්වැළක්.
නව යොවුන් දරුවන්ට රැකියා සඳහා අත්වැළක්.
මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නව යොවුන් දරුවන් සඳහා වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහනක්, පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි (10) පැවැත්විණි.
පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නියුක්ලියස් පදනම සහ වෙයාහවුස් ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල අවාසි සහගත ළමුන් විධිමත් පරිදි පෞරුෂ සංවර්ධනය කරමින් සමාජගත කිරීමට අවශ්‍ය මඟපෙන්වීම, වෘත්තීය අවස්ථා ඉලක්ක කර ගනිමින් දරුවන් සවිබල ගැන්විම, දරුවන් සමාජගත කිරීමේ දී නිපුණතාවෙන් සවිබල ගැන්වීම අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානය විස්සක් ආවරණය වන පරිදි වයස අවුරුදු 15 වැඩි ළමුන් දෙසීයක පමණ පිරිසක් සහභාගී වූහ.
මෙහිදී සංචාරක හෝටල්, ගිණුම්කරණ හා මූල්‍ය, රූපලාවන්‍ය, තොරතුරු තාක්ෂණය හා අලෙවිකරණය යන ක්ෂේත්‍රවල ඇති රැකියා අවස්ථා පිළිබඳව තෝරාගත් පෞද්ලික ආයතන විසින් දැනුවත් කිරීම සිදුකරන ලද අතර වැඩසටහන අවසානයේ දි දරුවන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යයාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ, පළාත් කොමසාරිස් චින්තිකා ගුණරත්න, නියුක්ලියස් පදනමේ අධ්‍යක්ෂ ඩේව් මොරිස් මහතා, වෙයාර්හවුස් ව්‍යාපෘති නියෝජිත ගෞරි රාජන් මෙනවිය, මහනුවර හෝටල් සංගමයේ සභාපති, රොඩ්නි ආම්ස්ට්‍රොන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දරුවා දු දරුවන් පිරිසක් සහභාගී වූහ.