
රූපහ කොටඹේ මහා විද්‍යාලය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.
රූපහ කොටඹේ මහා විද්‍යාලය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.
නුවරඑළිය රූපහ කොටඹේ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්ෂණික ඉල්ලිමට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා එම විදුහලේ නිරික්ෂණ චාරිකාවක 02දා නිරත විය.
ආණ්ඩුකාරවරයා ප්‍රදේශයේ වෙනත් ආගමික උත්සවකයට සහභාගිවෙමින් සිටින අතරතුර විදුහල්පතිවරයා විසින් සිදු කළ ඉල්ලිම අනුව මෙම විද්‍යාලයේ නිරික්ෂණයක නිරත වු අතර විදුහල්පති නයන නවරත්ත මහතා විසින් විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබදව දැනුවත් කළ අතර පාසල් ගොඩනැගිල්ලක පළමු මහලේ ඉදිකිරිම් සිදු කර දෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ පිළිබදව අවාධනය යොමු කළ ආණ්ඩුකාරවරයා පළාත් ආධ්‍යාපන ලේකම්වරයා දුරකතනයෙන් සම්බන්ධවෙමින් ඉල්ලිම පිළිබදව කරුණු සෙයා බලා ප්‍රතිපාදන වෙන් කරන ලෙස දැන්විය.
නුවරඑළිය රූපහ කොටඹේ මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේඛිය දක්වා පංති පැවැත්වෙන අතර සිසුන් 290කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද මෙහිදි අනාවරණය වු අතර දරුවන්ගේ අධ්‍යාපන මට්ටමද ඉහළ තත්වයක පවතින බවද මෙහිදි විදුහල්පතිවරයා පෙන්වා දෙනු ලැබිය.මෙම අවස්ථාවට විදුහල්පති නයන නවරත්න මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.