
භාෂා හා වෘත්තීය අධ්‍යාපනයෙන් සවිමත් තරුණ පිරිසක්.
භාෂා හා වෘත්තීය අධ්‍යාපනයෙන් සවිමත් තරුණ පිරිසක්.
ජාත්‍යන්තර භාෂාවන් හා විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලද තරුණ තරුණියන් සඳහා උසස් අනාගතයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.
පිලිමතාලාව, නානුඔය ලිට්ස් භාෂා අධ්‍යාපන පාසල විවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (17) සිදු කළ අවස්ථාවේදි ඒ මහතා මෙම අදහස් පළ කළේය.
වර්තමානයේ පාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ දෙනා තෝරා ගන්නේ ත්‍රී රෝද වෘත්තීය බවත්, එය කණගාටුවට කරුණක් බවත්, එවැනි තරුණ පිරිස් විදේශ භාෂාවක් හදාරා, ඉහළ වෘත්තීය නිපුණාතාවයක් ලබාගෙන විදේශ රැකියාවකට නිරතවීමට අවස්ථාවක් හිමි කර ගන්නනේ නම්, ඉතා උසස් අනාගතයකට හිමිකම් කීමට හැකි බවත් එවැනි අවස්ථාවක් ලබාදීම සඳහා මඟ පෙන්වනු ලබන ලිට්ස් ආයතනයේ ගමන් මගට සූභ ප්‍රාර්ථනා එක් කරන බවත් පැවසීය.
විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් භාෂා පුහුණුව ලබා දීම සඳහා ලිට්ස් භාෂා අධ්‍යාපන පාසල (Language Infinity Training School -LITS) ආරම්භ කර ඇති අතර මෙම ආයතනය මගින් ජාත්‍යන්තර භාෂා දහයක් සඳහා පුහුණුව ලබා දේ. එමෙන්ම වෘත්තීමය පුහුණුව හා පාඨමාලා සඳහා සහ විදේශ ගතවීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීම සිදු කරයි.
මෙම අවස්ථාව සඳහා එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි, ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කෝන්ගහගේ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, මහචාර්ය උපුල් බී. දිසානායක, ලිට්ස් භාෂා අධ්‍යාපන පාසලේ අධිපති, නදීක නානායක්කාර, භාෂා පාසලේ විදුහල්පති අනුර සෝමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.