පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද  නෙළුම් මල් දන්සල ශ්‍රී  දළදා මාළිගාව අසල දී.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද නෙළුම් මල් දන්සල ශ්‍රී දළදා මාළිගාව අසල දී.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද නෙළුම් මල් දන්සල ශ්‍රී දළදා මාළිගාව අසල දී. පොසොන් පොහොය නීම්ති කර ගෙන ශ්‍රී දළදා මාළිගාව වාහල්කඩ ඉදිරි පිට දී හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද නෙළුම් මල් දන්සලක් පැවැත්විණ. හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා ව ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙහිදී නෙලුම් මල් ,වරා මල් ,ගිතෙල් පහන් සහ හඳුන්කුරු ඇතුළු දේ ජනතාව වෙත ලබාදීම සිදුකරන ලද අතර එම දන්සල ආරම්භ කිරීමේ අවස්ථාවට පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.සි.කේ.අතපත්තු මහත්මියගේ ප්‍රදානාත්වයෙන් පැවැත් විය . හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා ලේකම් එස්.ආර්. අතාවුද මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා කුන්ඩසාලය, පුජාපිටිය ,මැදදුබ්බර , ගග ඉහළ ප්‍රාදේශීය සභා වල ලේකම් මහත්ම මහත්මින් ඇතුළු හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය එක් වී සිටියහ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook