පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

“සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන දඹුල්ලේදී

“සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන දඹුල්ලේදී

“සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන දඹුල්ලේදී “සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සි/ස රංගිරි දඹුලු විවිධ සේවා සමුපකාර සමිති පරිශ්‍රයේදී 25 දින පැවැත්විණ. දුම්බර මිටියාවතෙන් ආරම්භ වී මේ වනවිට ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ජනතා ව්‍යාපාරය ලෙස ග්‍රාමීය ජනතාව වෙත වඩා සමීප සමුපකාර ව්‍යාපාරය නව දැක්මක් සහිතව මධ්‍යම පළාත් තුළ නගාසිටුවීමේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන් සංවිධානය වී පැවති අතර පළාත් තුළ ක්‍රියාමක තෙවන ජංගම සේවා වැඩසටහන මෙය වේ. රංගිරි දඹුලු විවිධ සේවා සමුපකාර සමිතියේ පුර්ණ අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය වූ මෙම ජංගම සේවාවේදී සමුපකාර සේවක කොමිෂන් සභාව , සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව , ජාතික සමුපකාර සංවර්ධන ආයතනය , සේවක විශ්‍රාම වැටුප් පාලක මණ්ඩලය , විවිධ සේවා සමුපකාර සමිති හා බැංකු යන ආයතනයන් රැසක් ජංගම සේවා කටයුතු සදහා දායකත්වය ලබාදෙන ලද අතර සමුපකාර කාර්යභාරය හා ආයතන හදුනාගැනීම , සේවා සැපයීම හා නව දැනුම හුවමාරු කර ගැනීම , සමුපකාර ක්ෂේත්‍රයේ ආයතන අතර සහයෝගය ගොඩනැගීම හා මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම , සමුපකාර ව්‍යාපාරයේ පවතින පොදු ගැටළු විසදා ගැනීම සදහා මැදිහත්වීම මෙන්ම සමුපකාරිකයින්ගේ ගැටළු සදහා ප්‍රමුඛ මැදිහත්වීම් මෙහිදී සිදු කරන ලදී. මෙම වැඩසටහනට සමගාමිව ස්වයං රැකියා අලෙවි කුටි , දේශීය ආයුර්වේද හා බටහිර වෛද්‍ය සායනයන් ඇතුලත් සේවා රැසක් ද මෙම පරිශ්‍රය තුළ ක්‍රියාත්මක විය. මෙහිදී සමුපකාර සමිති ව්‍යාපෘති සදහා ණය ලබාදීම , විශ්‍රාම ලැබූ සේවකයින් සදහා උපහාර තිලිණ ප්‍රදානය කිරීම, සමුපකාර ස්ථිර පත්වීම ප්‍රදානය කිරීම , මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී සේවාලාභින් වෙත විවිධ පැල වර්ග බෙදාදීම ද සිදු විය. මෙම අවස්ථාව සදහා කර්මාන්ත හා සමුකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, සමුපකාර කොමිෂන් සභාවේ සභාපති ටි.ඩි.ජයතිස්ස , සමුපකාර කොමිෂන් සභාවේ ලේකම් කේ.ඒ.එල්.සජිවනි, සමුපකාර සංවර්ධන දෙපාර්තාමෙන්තුවේ කොමසාරින් අමිල නවරත්න, රංගිරි දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති කේ.ජි.අබේරත්න යන මහත්ම මහත්මීන් , පළාතේ විවිධ සේවා සමිති නියෝජනය කරමින් සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook