
නායකත්ව හා පෞරූෂ සංවර්ධනයට ‘තරුණෝදය’ තරුණ කඳවුරක් .
නායකත්ව හා පෞරූෂ සංවර්ධනයට ‘තරුණෝදය’ තරුණ කඳවුරක් .
මධ්‍යම පළාත් කර්මාන්ත හා තරුණ කටයුතු අමාත්‍යාංයේ, යෞවන කටයුතු සංවර්ධන ඒකකය විසින් සංවිධානය කළ ‘තරුණෝදය’ තරුණ කඳවුර පේරාදෙණිය, ඔගස්ටාවත්ත, සෙංකඩගල යොවුන් සේනාංකයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (04) ආරම්භ කෙරිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් තරුණ තරුණියන් හැත්තෑවක්ට ආසන්න පිරිසක් සඳහා දෙදින නේවාසික, නායකත්ව හා පෞරූෂ සංවර්ධන වැඩසටහනක් ලෙස මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙහිදි තරුණ තරුණියන් ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මෙසේ පැවසීය. පවතින සමාජ රටාව අනුව අද වනවිට ජීවත් වීමත් අභියෝගයක් බවත් ඒය ජය ගැනීමට නායකත්වය, පෞරුෂත්වය මෙන්ම අත්ම ශක්තිය ඇතිව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.
තරුණියින් ලෙස සමාජයට, ගමට, නගරයට, දිස්ත්‍රික්කයට, පළාතට රටට නායකත්වය ලබා දීය යුතුයි, පසුගිය කාලයේ මේ රටේ අරගලයක් ඇතිවුණා, එහි පරමාර්ථය හොඳ උවත්, නායකත්වයේ ගැටළුව හේතුවෙන් අවසානයේදි ඒය සාර්ථක වූයේ නැහැ. අභියෝගය ජයගන්න පෞරුෂයක් තිබෙන හොඳ නායකත්වයක් අවශ්‍ය යයිද කීවේය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත හා තරුණ කටයුතු අමාත්‍යාංයේ ලේකම් චරිතා ඉලංගකෝන්, සහකාර ලේකම්, ඩබ්.ඒම්.ආර්.ඒන් අලුවිහාරේ යන මහත්මීන් ජාතික යොවුන් සේනාංකයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ, මේජර් ආර්.ඒම්.ජී.ඒ.කේ, විජේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්වූහ.