පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

අඹගමුව  මධ්‍ය මහා විද්‍යාලයට  රුපියල් මිලියන 45ක වියදමින් කායවර්ධන මධ්‍යස්ථානයක්.

අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් මිලියන 45ක වියදමින් කායවර්ධන මධ්‍යස්ථානයක්.

අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් මිලියන 45ක වියදමින් කායවර්ධන මධ්‍යස්ථානයක්. මධ්‍යම පළාත් සභා විමධ්‍යගත අරමුදල් රුපියල් මිලියන 45ක් යොදවා ඉදිකිරිමට යෝජිත අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කායවර්ධන මධ්‍යස්ථානයට මුල්ගල් තැබිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 16දා සිදු කෙරුණි. මෙම උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ කායිකව හා මානසික ව සංවර්ධනය වූ නිරෝගිමත් දරු පරපුරක් ගොඩනැංවීමේ දී පාසල්වල ක්‍රීඩාව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් පාසල් දරුවන් අතුරින් ක්‍රිඩාවන්ට දක්ෂ දරුවන් අතරින් අතිදක්ෂයන් බිහිකිරීමත්, ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයන් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බවත් ඒ සදහා පළාත් සභාවක් ලෙස ගත හැකි උපරිම සහයෝගය සදහා ප්‍රතිපාදන වෙන් කිරිමට පියවර ගන්නා බවය. මෙම පාසලේ කේ.ඩි එම් දර්ශන සහ කේ.එල් ඒ අකලංක යන කඩුළු පැනිමේ දක්ෂතාවයන් ඇතුලු මලල ක්‍රිඩකයින් විශිෂ්ට දක්ෂතා දක්වා ඇති අතර ඒ හැකියාවන් පිළිබදව අප ඔවුන් අගය කරන බවත් මධ්‍යස්ථානය තුළින් වත්මන් පාසල් දරුවන්ටද මෙම ප්‍රයෝජනවත් දෙයක් වනු ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ ශාරිරික හා ක්‍රිඩා අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්ම මහත්මින් විදුහල්පතිවරුන් සිසු දරු දැරියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook