
ලංකාවේ තෙවන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සහිත රෝහල ලෙස පල්ලෙකැලේ ඉතිහාසයට එක්වේ.
දේශීය ප්‍රතිකාර ක්‍රමවේදයන් නවීනත්වයට ගෙන එමින් ජනතාව වෙත වඩා යහපත් වූ ජිවන තත්ත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් රෝග ප්‍රතිකාර සේවාවන් විශිෂ්ඨතත්වයට පත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ තෙවන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සහිත රෝහල ලෙස පල්ලෙකැලේ ඉතිහාසයට එක්වේ.මහනුවර පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ ස්ථාපිත කරන ලද ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර ඒකකය(22 ) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පල්ලෙකැලේ ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී විවෘත්ත කිරීම සිදුවිය.
සියලු ආයුර්වේද ප්‍රතිකාර අංශයන්ගෙන් සමන්විත පල්ලෙකැලේ රෝහල අතීතයේ වතු රෝහලක් ලෙස ආරම්භ කොට ඇති අතර පල්ලෙකැලේ ආයුර්වේද රෝහල ස්ථාපිත කොට මේ වන විට වසර 40කට අදික කාලයක් ගතව ඇති අතර, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දිනපතා රෝගීන් 350 අදික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණේ. එසේම නේවාසිකව රෝගීන් 120 දෙනෙකුහට ප්‍රතිකාර සිදුකල හැකි මෙම රෝහල ශ්‍රී ලංකාවේ තෙවැනි ශල්‍යාගාර පහසුකම් සහිත ආයුර්වේද රෝහල ලෙස ඉතිහාසයට එක්වේ. බොරැල්ල හා ගාල්ල ආයුර්වේද රෝහල්වල පමණක් මෙතෙක් ශල්‍යකර්ම කටයුතු සිදු කිරීම ආරම්භ කොට පැවතුනි. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , කොළඹ ආයුර්වේද රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කරුණාතිලක , ආයුර්වේද කොමසාරිස් එච්.එම්.ජයන්ත හේරත් , පල්ලෙකැලේ රෝහල් අධ්‍යක්ෂ ආර්.ජයවර්ධන ,විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුර වික්‍රමසිංහ යන මහත්වරුන් , රෝහලේ වෛද්‍යවරුන් , කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් එක්විය.