
ගල්මඩුව වත්ත පාලම ජනතා අයිතියට
ගල්මඩුව වත්ත පාලම ජනතා අයිතියට
කුණ්ඩසාලේ, ගල්මඩුව වත්ත මාර්ගයේ ඉදිකළ පාලම ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ, ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (23) සිදු කෙරිණි.නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 60 ක මූල්‍ය ආයෝජනය යටතේ මෙම පාලම ඉදි කිරීම සිදු කෙරිණි.2022 වර්ෂයේ දී පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ස්ථානය තිබු පැරණි ගල්මඩුව පාලම ගසා ගෙනගොස් විනාශයට පත්වීම සිදුවූ අතර ඒ හේතුවෙන් මෙම පාලම නැවත ඉදිකිරීම සිදුවිණි.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා, පසුගිය කාලයේ රට තුළ පැවති තත්ත්වය අනුව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්ම කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති අවස්ථාවක වූවද ජනතාවට සෘජුවම බලපාන ගැටළු හඳුනාගනෙ ඒ සඳහා විසදුම් ලබා දීම රජය විසින් සිදු කළ බව සඳහන් කළේය.මධ්‍යම පළාත තුළ මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් රැස්ක පසුගිය කාලයේදී ආරම්භ කළත් එම වැඩසටහන් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ අතර රටේ පවතන යහපත් තත්ත්වය මත මේ වන විට එම ව්‍යාපෘති නැවත ආරම්භකර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබී ඇති බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යාංශයේ ලේකම් මධුපාණි පියසේන, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අලුත්ගමගේ වීරසිංහ, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ඉන්දික පුවක්ගොල්ල යන මහත්වරු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.