පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක් (30) මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක් (30) මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක් (30) මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සම්බන්ධ පොදු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී, දැනට රාජ්‍ය ආයතනවල, සේවක සංඛ්‍යාව, ඒ ඒ ආයතනවලට පැවරී ඇති වගකීම්, සේවක රැකියා විස්තර යන සියල්ල නැවත සමාලෝචනයට ලක්කරමින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි නැවත අවධානය යොමු කිරීම සඳහා මධ්‍යම රජයෙන් ලැබී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් ලෙස මෙම වැඩමුළුව ක්‍රියාත්මක වූ අතර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් වැඩමුළුව සංවිධානය කොට තිබිණ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික, පියතිස්ස රණසිංහ මහතා මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දැක්වූ අතර, ඒ මහතා දිවයිනේ රාජ්‍ය ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අත්දැකීම් බහුල කීර්තිමත් රාජ්‍ය සේවකයෙකි. පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුව සඳහා සියලුම අමාත්‍යාංශය ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, සභා ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන මාණ්ඩලික නිලධාරීන් සහභාගිව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook