පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පාතදුම්බර ප්‍රාදේශීය සභාව මගින් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කෙරේ!

පාතදුම්බර ප්‍රාදේශීය සභාව මගින් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කෙරේ!

පාතදුම්බර ප්‍රාදේශීය සභාව මගින් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කෙරේ!
වඩාත් ජනතාවාදී පළාත් පාලන යාන්ත්‍රණයක් වෙනුවෙන් පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස්විය යුතු බවත් , අද පවතින්නේ කොට්ඨාශ ක්‍රමය හා සමානුපාතික ක්‍රමය මිශ්‍රවී පළාත් පලාන ක්‍රමයේ විකෘති වූ ස්වරුපයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ පාතදුම්බර ප්‍රාදේශීය සභාවට අයත් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
අද දින (10) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කිරීමේ සිදු කෙරෙන.
මෙහි සියලු පහසුකම් සහිත අංගසම්පුර්ණ ශ්‍රවනාගාරයක් හා උත්සව ශාලාවකින් සමන්විත වන අතර, බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කාලින අවශ්‍යතාවයක් වූ මෙය අද දින සිට ජනතාව වෙත විවෘතව පවතී. සේවා සැපයීම හා ආදායම් උත්පාදන ක්‍රියාවලිය වඩා යහපත් ලෙස ඉටුකිරීමේ අරමුණ ඇතිව කාලින අවශ්‍යතා හදුනාගනිමින් ප්‍රාදේශීය සභාව මහින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වා ඇත. මෙම උත්සව ශාලාවේ ධාරිතාවය ආසන 300ක් වේ.
මෙම වැඩසටහනට සමගාමිව නාපාන ප්‍රදේශයේ පදිංචි දිනාරා ආරියරත්න දියණිය විසින් රචිත “කුරුළු පැටව්” ග්‍රන්ථය එළිදැක්වීමද සිදු කරන ලදී. 2021 වසරේ පුස්තකාල සංවර්ධන වැඩසටහනට සමගාමිව පවත්වන ලද අන්තර් පුස්තකාල හා ප්‍රාදේශීය තරගාවලින් මෙන්ම පළාත් තරගවලින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන් සදහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම සහ ඊ නැණ පියස තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ දරු දැරියන් සදහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම ද සිදු කෙරින.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් බෙලිගොල්ල, පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක කිර්ති බණ්ඩාර අබේසිංහ , උප සභාපති එස්.බි.වෙලගෙදර ,විපක්ෂ නායක අතුල බණ්ඩාර ඒකනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ,වත්තේගම නගර සභාවේ සභාපති රවින්ද්‍ර බණ්ඩාර ,පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති වී.සෙනෙවිරත්න , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර ) නිලුකා බුලත්ගේ ,පළාත් ඉංජිනේරු අධක්ෂ එච්.ඒ.වික්‍රමසිංහ,පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන්, ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානි ධර්මරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook