පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

Visit Kandy 2024 ඇරඹේ

Visit Kandy 2024 ඇරඹේ

Visit Kandy 2024 ඇරඹේ. මධ්‍යම පළාත් වෙළද වානිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව සංවිධානය කරනු ලබන Visit Kandy වෙළද ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර K.C.C ආයතනයේදී (18) ආරම්භ කෙරිණි. මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය ඇති කිරීම සහ මානව හා භෞතික සම්පත් විැඩි දියුණු කිරීමත් පෙරදැරි කරගෙන මෙම වෙළද ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වේ.ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුලත් වෙළඳ ප්‍රදර්ශනය අගෝස්තු මස 18 සහ 19 දෙදින තුළ පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා පැවත්වෙන අතර මධ්‍යම පළාතේ සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීමේ අරමුණින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිර්මත් කිරීම මෙහි මූලික අරමුණ අරමුණ වේ.වෙළද ප්‍රදර්ශනයට සමගාමීව අගොස්තු 19 වැනි දින දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුනේ ඉදිරිපත් කරනු ලබන විශේෂ සංස්කෘතක සංදර්ශනයක් සංවිධානය කර ඇත.මෙම සංස්කෘතික සංදර්ශනය සාම්ප්‍රදායික උඩරට නර්තනාංග, නාග ගුරුලු, දෙවොල් නැටුම, ගිනි සිසිල, රබන් නැටුම්, පන්තේරු නැටුම්, තේ දළු නැටුම්, ගජගා වන්නම, ගොයම් නැටුම්, නොංචි කෝලම, වඩිග පටුන, රිද්දි යාගය හා සාම්ප්‍රදායික බෙර වාදන ඇතුළු දේශීය නර්තනාංග රැසකින් සමන්විත වන අතර එය 2024 අගෝස්තු මස 19 වන දින පෙ.ව. 9.30 සිට ප.ව.12.30 දක්වා පැවැත්වීමට නියමිතය.මෙම අවස්ථාව සඳහා කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සභාපති තුසිත විජේසිංහ, කාෂිකර්ම අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරීය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ එම්.යූ. නිශාන්ත, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට යන මහත්ම මහත්මීන්, ඇතුලු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook