පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය මහනුවර උසස් බාලිකා විදුහලට.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය මහනුවර උසස් බාලිකා විදුහලට.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය මහනුවර උසස් බාලිකා විදුහලට. මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහනුවර උසස් බාලිකා විදුහල් ජිම්නාස්ටික් කණ්ඩායම සමත් විය. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් මධ්‍යම පලාතෙන් සුදුස්සන් තෝරා ගැනීම සදහා පැවති මෙම තරගාවලිය පසුගියදා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ජිම්නාස්ටික් පිටියේදී පැවැත්විණ.මෙම තරගාවලියේ බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහල් ජිම්නාස්ටික් කණ්ඩායම සමත් වූ අතර ශුරතාවය හා අනුශුරතාවය දිනු උසස් බාලිකා විද්‍යාලයේ හා මහාමායා බාලිකා විද්‍යාලයේ ජිම්නාස්ටික් කණ්ඩායම් පුහුණුකරු ලෙස අමල් රසාංග මහතා කටයුතු කිරීම විශේෂත්වයකි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කොට පැවති මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රිඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook