පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් .

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් .

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් . වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” මධ්‍යම පළාතේ විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය 20 හා 21 යන දෙදින එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සම්පත්දයකතාවයෙන් පැවැත්වුන අතර මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.ඔවුන් ලද දැනුමින් ප්‍රජාව බලශක්ති සංරක්ෂණයට හා කාර්යක්ෂම බලශක්ති භාවිතයට මෙන්ම පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය කෙරෙහි යොමු වීමට උපදෙස් දීම හා මගපෙන්වීිම මෙම වැඩසටහන තුළින් ලබාදුන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම උපයෝගී කර ගැනීමට අපේක්ෂාව වේ.මධ්‍යම පළාතේ නිෂ්පාදන සඳහා බලශක්තිය පරිභෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ගෘහස්ථව ස්වයංරැකියාවල නියුතු ව්‍යවසායකයින් අරමුණු කර ගනිමින් ඔවුන් හා සෘජුව තාක්ෂණික දැනුම සමග සම්බන්ධවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ විදාතා නිලධාරීන් වෙත බලශක්ති පරිභෝජනය බලශක්ති විගණනය තුළින් බලශක්ති සංරක්ෂණය හා විකල්ප බලශක්ති භාවියට යොමු විය හැකි අවස්ථාවන් පිළිබඳව මෙම වැඩසටහන තුළින් දැනුවත් කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook