පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන - කෙටි නාට්‍ය තරඟාවලිය

මධ්‍යම පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන - කෙටි නාට්‍ය තරඟාවලිය

මධ්‍යම පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන - කෙටි නාට්‍ය තරඟාවලිය 2024 ලෝක ළමා දිනයට සමගාමීව, මධ්‍යම පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන අතර පවත්වනු ලබන කෙටි නාට්‍ය තරඟාවලිය පසුගිය 30 දින මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල මෙම නාට්‍ය තරඟාවලියේ සමාරම්භක උළෙල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා, මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මිය ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ. ළමා සංවර්ධන මධ්‍යස්ථාන 08ක දරු දැරියන් එම තරඟය සඳහා කෙටි නාට්‍ය ඉදිරිපත් කර තිබුණු අතර, සිංහල මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය හා දමිල මාධ්‍ය ලෙස තරඟ පැවැත්විණි. දිනය අවසානයේ එහි ප්‍රථිපල පහත පරිදි විය. සිංහල මාධ්‍ය තරගයේ ජයග්‍රහණ ප්‍රථම ස්ථානය - නුවරඑලිය පේන්ටර් ළමා සංවර්ධන මධ්‍යස්ථානය දෙවන ස්ථානය - ශාන්ත ජෝසප් ළමා සංවර්ධන මධ්‍යස්ථානය තෙවන ස්ථානය - ජයව්ක්‍රම ළමා සංවර්ධන මධ්‍යස්ථානය ඉංග්‍රීසි මාධ්‍ය තරගයේ ජයග්‍රහණය ප්‍රථම ස්ථානය- ශාන්ත ලෙනාඩ් ළමා සංවර්ධන මධ්‍යස්ථානය දෙවන ස්ථානය - අපේක්ෂා ළමා සංවර්ධන මධ්‍යස්ථානය තෙවන ස්ථානය- පේන්ටර් ළමා සංවර්ධන මධ්‍යස්ථාය දමිළ මාධ්‍ය තරගයේ ජයග්‍රහණය ප්‍රථම ස්ථානය- ශාන්ත ලෙනාඩ් ළමා සංවර්ධන මධ්‍යස්ථානය දෙවන ස්ථානය- පේන්ටර් ළමා සංවර්ධන මධ්‍යස්ථානය තෙවන ස්ථානය- අපේක්ෂා ළමා සංවර්ධන මධ්‍යස්ථානය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook