පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

"උරුමයක පෙරමග" පාරම්පරික හස්ත කර්මාන්ත අංශය වෙත පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහන -2024

"උරුමයක පෙරමග" පාරම්පරික හස්ත කර්මාන්ත අංශය වෙත පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහන -2024

"උරුමයක පෙරමග" පාරම්පරික හස්ත කර්මාන්ත අංශය වෙත පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහන -2024 මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ" උරුමයක පෙරමග" ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරක් ලෙස එහි දෙවන අදියර පාරම්පරික දුම්බර රටා හණ නිර්මාණකරණය පිළිබඳ වැඩසටහනක් අගොස්තු මස 28 වන දින පාසල් දරුවන් හා ගුරු භවතුන්ගේ සහභාගිත්වයෙන් හගුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත් විය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, කටුගස්තොට හා හගුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලවල සම්බන්ධීකරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදියපැලැල්ල ජාතික පාසල යන පාසල්වල ශිල්ප කලා විෂය හදාරන සිසු දරු දැරියන් 41 ක් ඒ සඳහා සහභාගි විය. එහිදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා උපාධි , බාහිර කථිකාචාර්ය ඩී.ජී.පී. විමලරත්න මහතා විසින් දුම්බර රටා හණ කලාව පිළිබඳව මූලික අවබෝධයක් සිසු දරු දැරියන්ට ලබා දුන් අතර,ඉන් අනතුරුව ජාතික ශිල්ප සභාවේ පුහුණු උපදේශිකාවන් තිදෙනෙකු සහභාගි කර ගනිමින් දුමිබර රටා හණ නිර්මාණකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී. වැඩසටහන අවසානයේ මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඊට සහභාගි වූ සිසු දැරියන් අගයමින් වටිනා සහතික පත්‍රයක් පිරිනමන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook