පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ජාතික කියවීමේ නිල ජාතික උත්සවය  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී .එස්.අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී.

ජාතික කියවීමේ නිල ජාතික උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී .එස්.අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී.

ජාතික කියවීමේ නිල ජාතික උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී .එස්.අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී. අනාගත පරපුර පොතපතට හුරුකිරීමේ කාලින අවශ්‍යතාවය ,අභියෝගය අප සතුව පවතිනවා.පුස්තකාලය අතීතයට වඩා අදටයි අවශ්‍යය. වත්මන් පරපුර පොත්පත් පරිශීලනයෙන් ඉවත්වීම නිසා ඔවුන්ගේ තර්කන බුද්ධි හැකියාව , සහකම්පනය අද සීමිත බවට පත් වෙලා. ඒ නිසා පොතපත පරිශීලනය කිරීමේ වැදගත්කම නව මානයකින් අනාගත පරපුරට හදුන්වා දිය යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන් මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සංවිධානය කෙරෙන ජාතික කියවීමේ මස නිල ජාතික උත්සවයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය ශ්‍රවණාගාරයේ දී (01) පැවැති අවස්ථාවට එක් වෙමිනි. සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය වන අතර එය ආරම්භ කරමින් මෙවර ජාතික කියවීමේ නිල උත්සවය මහනුවර දී පැවැත්විණ. මෙම වැඩසටහනේ විශේෂ දේශනය “ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” මැයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කේෂව දිසානායක මහතා විසින් සිදු කරන ලදී. ජාතික කියවීමේ මාසයට සමගාමීව කියවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පළාතේ පුස්තකාල වෙත පහසුකම් ලබාදීම , උසස් ශ්‍රේණි හිමිකර ගත් මධ්‍යම පළාතේ මහජන පුස්තකාල සඳහා සම්මාන හා සහතික පිරිනැමිම, මහනුවර ඩි.එස්.සේනානායක මහජන පුස්තකාලයේ දීර්ඝ කාලයක් පුස්තකාල සාමාජිකත්වය ලැබූ පැරණිතම සාමාජිකයින් සඳහා උපහාර පිරි නැමීම සහ මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි තෝරා ගත් පුස්තකාල සඳහා පොත්පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ අතර , මධ්‍යම පළාතේ පුස්තකාලවල වාර්ෂික පොත් සමීක්ෂණය කාර්යක්ෂම කර ගැනීම සදහා කඩියා මෘදුකාංගය හදුන්වාදීම වෙනුවෙන් ප්‍රජා සංවර්ධන නිලධාරි කිත්සිරි දිසානායක මහතා විශේෂ ඇගයීමට ලක්විය. “ලෝකය දිනන්නේ කියවන මිනිසුන්ය” යන තේමාව යටතේ පැවති කෙටි කතා තරගයේ සිංහල අංශයේ ප්‍රථම ස්ථානය පුන්සිසි මලින්සා දිසානායක ගේ “තවත් එක් කතාවක්” හිමිකර ගන්නා ලද අතර , ද්‍රවිඩ මාධ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය එච්.එල්.රුවයිදා විසින් රචිත “තාමදම්” කෙටි කතාවටත් , ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රථම ස්ථානය සි.වී.විදුශානි ගාල්ලගේ විසින් රචිත “THE BOOK OF WORLDS” කෘතියට හිමිවිය. මහනුවර මහ නගර සභාව හා මහනුවර ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය එක්ව සංවිධාන කරන ලද මෙම උත්සවය අවස්ථාව සඳහා හිටපු නාගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු. සුනිල්,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, යන මහත්ම මහත්මීන් ,පළාත් පලාන ආයතන ප්‍රධානින් ,පුස්තකාල කාර්යය මණ්ඩල ඇතුලු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook