
කෙන්ගල්ල මහා විද්‍යාලයේ පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ.
කෙන්ගල්ල මහා විද්‍යාලයේ පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ.
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ එක් වැඩසටහනක් කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී (02) පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම "පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ ව්‍යාපෘතිය" ක්‍රියාත්මක වේ. මෙහිදී මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, ඒවා සක්‍රීයව පවත්වාගෙන යාම සදහා පාසල් සිසු සිසුවියන් දායකත්වය හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
මෙම වැඩසටහනට විද්‍යාලයේ විදුහල්පති ජේ. ඩබ්ලිව්.එම්. එල්. කපුකොටුව මහතා මාධ්‍ය සමාජය භාර ගුරු මහත්මිය, සිසු සිසුවියන් හා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.