පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මිණිපේ පුරවරය ඒකාලෝක කිරීමට ප්‍රාදේශීය සභාවෙන් නව ව්‍යාපෘති රැසක්.

මිණිපේ පුරවරය ඒකාලෝක කිරීමට ප්‍රාදේශීය සභාවෙන් නව ව්‍යාපෘති රැසක්.

මිණිපේ පුරවරය ඒකාලෝක කිරීමට ප්‍රාදේශීය සභාවෙන් නව ව්‍යාපෘති රැසක්. මහනුවර දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමට සීමාවූ මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අනාගත අභිවෘද්ධිය උදෙසා නව ආදායම් උත්පාදන ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට ප්‍රාදේශීය සභා කාර් යය මණ්ඩලය සැලසුම් කොට ඇත. එහි මුල් පියවර ලෙස ඉතා ඉහල සුර්යාලෝකයක් වසරේ වැඩිකාලයක් ලැබෙන මෙම කලාපයේ ආශ්‍රිතව පුනර්ජජනිය බල ශක්ති උත්පාදන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. සභා ගොඩනැගිල්ලේ වහල ආශ්‍රිතව ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය ට සභාව සතු ගොඩනැගිලි ආශ්‍රිත සුර්ය පැනල සවිකිරීමට ත් , එයින් උත්පාදිත විදුලිය ජාතික විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීමටත් නියමිතය. ප්‍රදේශයේ ජනතා වෙත පිරිපහදු කරන ලද පිරිසුදු පානිය ලබා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමටත්, විවධ රෝගාබාධ තත්වයන් ට මුහුණ දෙන බල ප්‍රදේශයේ ජනතාවට පිරිසුදු පානිය ජලය ඉතා සාධාරණ වූ මිලකට , පහසුවෙන් ලබා දීමටත් මේ මගින් අපේක්ෂා කෙරේ. එම ජලය බවුසර් සහ බෝතල් මගින් බෙදා හැරීමට සැලසුම් කොට ඇත. සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන පිළිබද දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමටත්, රත්න ඇල්ල , මහනුවර - පදියතලාව ප්‍රධාන මාර් ගයට ඉතා හොදින් දර් ශනය වන ගුරුළුපොත ප්‍රදේශය ආශ්‍රිතව නැරඹුම් මැදිරියක් ඉදිකිරීමටත්, සනීපාරක්ෂක පහසුකම් සහිත කුඩා කඩ විදියක් මාර් ග සංවර් ධන අධිකාරිය සහ වන ජීවි දෙපාර් තමේන්තුව සහ ඒකා බද්ධව සකස් කිරීමටත් යෝජිතය. සුන්දර සහ ඵෙතිහාසික වටිනාකමකින් යුතු 18 වංගුවට පිහිටි විසිරුණු සොබා දහමින් පෝෂිත වූ ප්‍රදේශය ආරක්ෂා කිරීමේ සහ සිත් සේ අවස්ථාව සලසා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියත්මක කිරීමට සැලසුම් කෙරේ. හසලක නගරය ට නව පෙනුමක් ලබා දෙමින් ජන ආකර් ශිත නගරයක් ලෙස සංවර් ධනය කිරීමටත්, නගරාසන්නයේ පිහිටි උද්‍යානය නිදහස් උද්‍යානයක් ලෙස ගොඩ නැගීමටත් , ඇවිදින මන්තිරුවක් සහිත ශාරීරික අභ්‍යාස සදහා වූ පරිශ්‍රයක් ඉදිකිරීමටත් නියමිතය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ උපදෙස් අනුව ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතාගේ මෙහයවිමෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු සහ මහනුවර දිස්ත්‍රික් සහකාර කොමසාරිස් ජි. එල් අත්තනායක යන මහත්මින් ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති දියත් කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook