පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

“රසාංජලි” කලා රසවින්දන වැඩසටහන පල්ලෙකැලේ දී

“රසාංජලි” කලා රසවින්දන වැඩසටහන පල්ලෙකැලේ දී

“රසාංජලි” කලා රසවින්දන වැඩසටහන පල්ලෙකැලේ දී අධ්‍යාත්මික හා මානසික සුවතාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් කලා රසවින්දනය වර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ යෞවන කටයුතු අංශය මගින් සංවිධානය කරන ලද කලා රසවින්දන වැඩසටහනක් “රසාංජලි” නමින් අද දින (09) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. තරුණ පරපුර නුතනයේ මුහුණු දෙන අභියෝග සදහා සාර්ථකව මුහුණුදීමට කලාවේ ආභාෂය ලබාගැනීම සදහා මගපෙන්වීම , තරගකාරී සමාජ රටාවතුළ වියැකී යන සහකම්පන ගුණාංගයන් නැවත සමාජගත කිරීමේ ප්‍රමුඛ අංගය ලෙස කලාවේ හරයන් ජන මනසට ලබාදීම හා ඒ සදහා තරුණ පරපුර යොමු කිරීම පෙරදැරිව මෙම වැඩසටහන සංවිධානය කොට පැවති අතර පාසල් දරු දැරියන් ,තාක්‍ෂණ පුහුණු ආයතනයන්හි ඉගෙනුම ලබන තරුණ තරුණියන් මේ සදහා සහභාගී විය. අද තරුණ පරපුර වෙත වින්දනය කිරීමට නොලැබෙන අධ්‍යාත්මික වින්දනය කලාව මගින් ප්‍රතිපෝෂණය කිරීමට පසුබිම උදාකිරීම වෙනුවෙන් මෙහිදී කවිය , ගීතය ,ජනශ්‍රැතිය ඇතුලත්ව ජිවන පැවැත්ම නව මානයක් වෙත යොමු කිරීමට පසුබිම උදාකිරීම සිදුවූ අතර , මෙම වැඩසටහනේ සම්පත්දායකයකත්වය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මානව වංශ සංගීතවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සමන් පනාපිටිය මහතා ප්‍රමුඛ සංගීතවේදීන් විසින් ලබාදෙන ලදී. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සී.කේ.ඉලංගකෝන් මහත්මියගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)දිලිපා රූපානි පියදාස , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ.අමරකෝන්, කර්මාන්ත අමාත්‍යංශයේ සහකාර ලේකම් තුෂාරි ගෙදරකුඹුර යන මහත්මීන් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook