
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් අතර හමුවක්....
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් අතර හමුවක්....
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සරන්‍යා වී.එස්. මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (09) පැවැත්විණි.
මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් අතර යාබද රටවල් දෙකක් වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඵෙතිහාසික, සමාජ, ආර්ථික සංවර්ධන, අධ්‍යාපනය හා බෞද්ධ සබඳතා ආදී කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදු කෙරිණි.
එම සාකච්ඡාව අවසානයේ දි මෙම හමුව සංකේතවත් කරමින් සමරු සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ද එක් වූවාය.